Featured News

Video Gossip

Advertisement

උසස්පෙළ සමත් සියලුම දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

‘සාර්ථක දැක්මක් - වැඩ කරන රටක්’ යන තේමාව යටතේ මාතර වැලිගම බස්නැවතුම් ‍පොළ අසළ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“අපි බලයට එන්නේ නිසි ආර්ථික සැලැස්මක් තුළින්. ඒ ආර්ථික සැලැස්ම ක‍්‍රියාත්මක කරන්නේ මහජන කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක්. සියලූ පුද්ගලයකුම ඉහළට ගත හැකි ආකාරයේ ආර්ථික සැලැස්මක් අප ක‍්‍රියාත්මක කරනවා.

එදා පොරොන්දු දුන්නා නම් ඒ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කළා. වසර තිහක් තිබූ ත‍්‍රස්තවාදය කෙටි කාලයකින් අවසන් කළා. රට සංවර්ධනය කළා. ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙනාවා. අප සමග සිටින්නේ වැඩක් කළ හැකි කණ්ඩායමක්. අපි සැලසුම් ක‍්‍රියාත්මක කරනවා.

මාතර දිස්ත‍්‍රික්කය විශේෂයෙන්ම අධ්‍යාපනය මත පදනම් වූ පළාතක්. විශාල වශයෙන් උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල වශයෙන් ඉන්නවා. අපි පළමු වසර සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරනවා.

ඒ තුළින් උසස් පෙළ සමත් වන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට සැලසුම් කරනවා. අනිකුත් තරුණ තරුණියන්ට කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනයක්, නිපුණත්වයක් ලබාදී ආර්ථිකයට දායක කරගත හැකි සුදුසු රැකියා අවස්ථා ලබාදීමටත් කටයුතු කරනවා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements