Advertisement

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළ හොත් එය අවලංගු ඡන්දයක් බවට ගණනය කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

ඡන්දය ප්‍රකාශ කිරිමේදී සාම්ප්‍රදායිකව කතිරය භාවිත කළ හැකි නමුත් කතිරය භාවිත කිරීමෙන් පසුව අංක යොදුව හොත් එය අවලංගු ඡන්දයක් බවට පත්වන බව ඔහු ප්‍රකාශ කළේය.



ඒ අනුව ඉලක්කම් යොදන්නේ නැත්නම් කතිරය පමණක් භාවිත කිරීම ප්‍රමාණවත් බව ඔහු ප්‍රකාශ කළේය.

එසේම අපේක්ෂකයන් වෙනුවෙන් තම කැමැත්ත අනුව අංක 01, අංක 02, අංක 03 ලෙස අංක යෙදිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. එය වලංගු ඡන්දයක් බවට ගණනය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements