Featured News

Video Gossip

Advertisement

ඊයේ (19) දිනයේ සිය වැඩ බාරගත් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් සිටිනවා. එහිදී ඔහු සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයෙන් බැහැරව ඔහු දිනවූ ජනතාවද අපේක්ෂා කල පරිදි නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ කටයුතු ආරම්භ කොට තිබීම සතුටට කරුණක්.

ජනාධිපතිවරයා අද ගත් තීන්දුවකට අනුව අමාත්‍යවරුන් 15කින් පමණක් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තාවන්නේ. ඒ අනුව මීළඟ මහ මැතිවරණය වන තෙක් 15 දෙනකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් රට පාලනය කරනු ඇත එයට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර මෙන්ම වියදම් අවම කිරීම සහ කාර්යක්ෂම රාජ්‍ය පාලනයකට එම කැබිනට් මණ්ඩලයෙන් ලැබෙන පිටිවහල මත මැතිවරණයෙන් පසුවද 15 දෙනාගේ කැබිනට් මණ්ඩලය දිගටම ක්‍රියාත්මක කිරීම සුදුසු බවයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මේ අනුව ශ්‍රී ලංකික ඉතිහාසයේ ප්‍රථම වතාවට අඩුම අමාත්‍යවරුන් පිරිසක් සහිත අමාත්‍ය මණ්ඩලයක් රාජ්‍ය පාලනය කරන ඓතිහාසික යුගය ගෝඨාභය ජනාධිපතිවරයා ආරම්භ කරනු ඇත. මේ ආදර්ශය රාජ්‍ය නිලධාරීන් මෙන්ම රාජ්‍ය ආයතන ප්‍රධානින් වෙතද ව්‍යාප්ත කොට ජනතා අපේක්ෂා ඉටු කොට ගෞරවාන්විත රටක් බිහිකරන තුරු අප බලා සිටින්නෙමු.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements