Advertisement

නොවැම්බර් 18 වැනි දින 07 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ වේලාවක් බලා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

18 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස දිවුරුම් දී සුළු මොහොතකින් මහින්ද රාජපක්ෂ මහතා ද අගමැතිවරයා ලෙස දිවුරුම් දීම සදහා සුබ මොහොතක් යොදාගෙන අවසන් යයිද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුව තුළ බහුතර බලය සකස්කර ගැනීම සඳහා මේවා විටත් සියළු කටයුතු සූදානම් කර අවසන් යැයි ද පැවසූ ඔහු නොවැම්බර් 18 වැනි දින ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ද ඉවත් කර පොහොට්ටුවේ ආණ්ඩුවක් කනන ඉව බව සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

නමුත් 19වන ව්‍යයවස්තා සංශෝදනයට අනුව වසර හතර හමාරකටක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි අතර එසේ වුවහොත් ව්‍යයවස්තාව නැවත වරක් කඩවන බව දේශපාල විචාරකයෝ පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements