Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (25) දිනයේ සිදු කෙරෙනු ඇති බව ජනාධිපතිවරයා විසිිිින් පසුගිය දා ප්‍රකාශ කළ ද එය බදාදා (27) දිනය දක්වා කල්ගොස් ඇතැයි වාර්තා වේ. 

රාජ්‍ය අමාත්‍ය තනතුරු සඳහා තවමත් නිශ්චිතවම මන්ත්‍රීවරුන් තෝරාගෙන නොමැති වීම මීට හේතුවී ඇති බව සඳහන්. 

පසුගිය සතියේ දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම ද මෙතෙක් සිදුව නොමැත. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකු ද ඇතුළුව රාජ්‍ය අමාත්‍යවරුන් 20ක් පමණ බදාදා දිනයේදී පත් කෙරෙනු ඇති බවයි දැනට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements