Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් මාස තුන හතරක කෙටි කාලයක් සඳහා පාර්ලිමේන්තුවේ කථානායක ධුරය භාර ගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
කථානායකවරුන්ට බාධා කරමින්, ඔවුන්ව අපහසුතාවන්ට පත් කරමින් දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව තුළ හැසිරුණු තමන්ට කථානායක වශයෙන් එවන් අසීරුතා විඳගැනීමට ලැබීම හොඳ අත්දැකීමක් වනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. 

එහෙත් තමන් දේශපාලන චරිතයක් නිසාත් දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කිරීම තමන්ට සියල්ලට වඩා වටිනා නිසාත් වසර 5ක කාලයක් සඳහා නම් කථානායක තනතුර භාරගැනීමට තමන්ට නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. 

එසේම තමන් කථානායක තනතුරට පත් වුවහොත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ චමල් රාජපක්ෂ මහතා එම තනතුරේ කටයුතු කළ ආකාරය ආදර්ශයට ගනිමින් බව පැවසූ ඒ මහතා එනිසා, චමල් රාජපක්ෂ මහතාගේ ඇමති ධුරය තමන්ට ලබාදී ඒ මහතාවම කථානායක තනතුරට පත් කළේ නම් වඩා සුදුසු බව ද සඳහන් කළේය. 

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements