Advertisement

මිනිස් පාරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කරන ලද පොළොන්නරුව ‘නිව් රත්න සහල්’ නිෂ්පාදන ආයතනයට විරුද්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොළොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගියදා (28 වැනිදා ) නඩු තුනක් ගොනු කරන ලදී.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් චෝදනා තුනක් යටතේ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළේය. කල් ඉකුත් වූ සහල් සමග හොඳ තත්ත්වයේ සහල් තොග, සහල් නිෂ්පාදනාගාරයේම ගබඩාකර තිබීම, සහල් නිෂ්පාදන අසුරණවල කාණ්ඩ අංක වෙනස් කිරීම, ලේබල්වල උපරිම සිල්ලට මිල ගණන් වෙනස් කිරීම යන චෝදනා යටතේ නඩුව ගොනුකෙරිණි.

අදාළ සහල් නිෂ්පාදන ආයතනය විසින් එහි කළමනාකරුවකු අධිකරණයට ඉදිරිපත් කරතිබූ අතර ඔහු කියා සිටියේ සමාගම නිවැරදිකරු බවය. ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02 ක් මත කළමනාකරු මුදා හැරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරන ලදී.

පොළොන්නරුව මහජන පරීක්ෂකවරුන් අධිකරණයට ‘‘බී’’ වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සහල් නිෂ්පාදනාගාරය තුළ තිබෙන සහල් තොග මනුෂ්‍යය පාරිභෝජනයට සුදුසුද, නුසුදුසුද යන්න පරීක්ෂා කළ යුතු බවය.

මෙම නඩුව දෙසැම්බර් මස 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements