Featured News

Video Gossip

Advertisement

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සියලු සාධක හමුවේ ස්ථිරව ඇති බව රටම දන්නා කරුණකි. එය එසේ වන විට 18 වනදා මෙරට 7 වැනි ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා දිවුරුම් දෙන බවට කිසිදු සැකයක් නැත.

එහෙත් යම් හෙයකින් ප්‍රතිවාදී චන්ද දායකයන් කියන අයුරින් ඔවුන්ගේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හොත් ඇති වන තත්වය පිළිබදව මේ මොහොතේ යම් පුරෝකතනයක් සිදු කළ හැකිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා යනු ඇමරිකාන් සහ ශ්‍රී ලංකා යන දෙරටෙහිම පුරවැසිභාවයට හිමිකම් කියන ද්විත්ව පුරවැසියකු යන කරුණ මේ වන විට සමාජය හමුවේ සනාථ වී පවතින්නකි. ලංකාවේ හෝ විදේශ්‍යක කිසිදු අධිකරණයකින් ඔහු ද්විත්ව පුරවැසියෙක් නොවන බවට කිසිදු තීන්දුවක් ලබා දී නැත.

ද්විත්ව පුරවැසියෙක්ද නැද්ද යන කාරණය ජනාධිපතිවරණයට තරග කිරීමේදී මැතිවරණ කාර්යාලයට අදාළ නොවන අතර එහි නෛතික භාවය වලංගු වන්නේ අදාළ තනතුර සදහා දිවුරුම් දෙන අවස්ථාවේදීය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ යම් හෙයකින් ජයග්‍රහණය කළ හොත් ඔහුගේ ද්විත්ව පුරවැසි භාවය පදනම් කර ගනිමින් මෙරට ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නොහැකි වනු ඇත. මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදයෙන් සිය පුරවැසිභාවය නීත්‍යානුකූල ලෙස ඉවත් කර ගැනීමට අපොහොසත්ව සිටින ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති සිහිනය ඒ අනුව දියවී යනු ඇත. තවද ගෝඨාභය ජනාධිපති කරවීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලු දෙනාගේ වටිනා ඡන්දයද වතුරේ යනු ඇත. ඔවුන්ගේ ඡන්දය නිකරුණේ රැවටීමට ලක් වනු ඇත.

අධිකරණය මගින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ දිවුරුම් දීම නීත්‍යානුකූල නොවන බවට තීන්දුවක් ලබා දුන් පසු එම ධූරයේ හිස් වීම තුළ රට යළිත් අරාජික මෙන්ම අස්ථාවර තත්වයට පත්වීම වැළැක්විය නොහැකිය. දින 52 බලහත්කාර ආණ්ඩු සමයේ මෙන් රටට ලැබෙන්නට ඇති බොහා් දේ නොලැබී යන්නට ඉඩ ඇති අතර ජාත්‍යන්තර ආයෝජකයන්ද ශ්‍රී ලංකාව කෙරෙහි තවදුරටත් විශ්වාස නොකිරීමට මෙය හේතුවක් වනු ඇත.

අනෙක් අතට ජනතාවගේ පැත්තෙන්ද රටේ අස්ථාවර භාවය විශාල පාඩුවක් වනු ඇති තඅර ජාතික ආරක්ෂාවටද එය තර්ජනයක් වනු නිසැකය. පසුගිය දින 52 බලහත්කාර ආණ්ඩුව පිහිටුවීමෙන් පසුවද මෙරටට ලබීමට තිබූ බොහෝ ආධාර හා ප්‍රධානයන්ද නොලැබී ගිය අතර”‘ සංචාරක කර්මාන්තයද කඩා වැටීමට ලක් විය’‘ පාස්කු ප්‍රහාරය එල්ල වූයේද ඊට මාස කිහිපයකට පසුය.

ජනාධිපති දූරය අභියෝගයට ලක් වූ වටෙකදී එම ධූරය සදහා ව්‍යවස්ථානුකූලව අගමැතිවරයා පත් විය යුතු අතර එම ක්‍රියාවලිය සදහා යම් කාලයක් ගත වනු ඇත්තේ අධිකරණ ක්‍රියාවලියක් තුළ මේ සියලු දේ සිදු විය යුතු නිසාය. ඒ කාලය රට අස්ථාවර වීමට හොදටම ප්‍රමාණවත්ය.

පසුගිය වසරේ අවස්න කාලයේද රට අස්ථාවර වඋ බැවින් මේ වසරේ අවසානයේද එසේ වුවහොත් එය රටක් ලෙස අප ලබන සුවිසල් පරාජයක් බවද, ඒ හේතුවෙන් අස්ථාවර රජ්‍යයක් ලෙස ඉදිරියේදී නම් කරනු ඇති බවද සදහන් කළ යුතුමය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements