Featured News

Video Gossip

Advertisement

තරුණ පරපුර ඉල්ලා සිටින, සික්ස් ජී (6G) ඩිජිටල් සමාජය නිර්මාණය කළ හැකි එකම අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේය. ඊයේ (11දා) පැවැති ජන හමුවලදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජීවිතයේ නිදහස මෙන්ම සියළු තීරණ ඔන්ලයින් ගැනීමේ අවකාශය වත්මන් තරුණ පරපුරේ අපේක්‍ෂාව බවත් ඩේටාවලට නිදහස ලබා දෙමින් තරුණ පරපුරේ ඔන්ලයින් විප්ලවය සිදු කළ හැකි එකම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
" අද තියෙන නිදහසට වඩා වැඩි නිදහසක් මේ රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටිනවා. ඩේටා ලබාගැනීමට ඇති නිදහස තරුණ තරුණියන් අද ඉල්ලා සිටිනවා. එමෙන්ම මේ සමාජ ක්‍රමයට විරුද්ධව ලියන්න, කියන්න, හිතන්න, නිර්මාණ කරන්න නිදහස ඉල්ලනවා. ඉලක්කම් හයක වැටුපක් ලැබෙන රැකියාවක් ලබාගන්නා හීනය සැබෑ කරගන්න නිදහස ඉල්ලනවා. ජීවිතේ හැම තීරණයක්ම, හැම සේවාවක්ම ඔන්ලයින් කරගන්න නිදහස ඉල්ලනවා.

අද ලෝකයේ තිබෙන්නේ ෆෝ ජී (4G) තාක්‍ෂණය මෙන් ලබන අවුරුද්දේ ෆයු ජී (5G) වෙනවා. සික්ස් ජීත් (6G) දැන් ලෑස්තියි. ඒත් අපි තාමත් ඇනලොග්. තරුණ පරපුර දෙන අභියෝගය භාරගන්න අප ලෑස්තියි. ඩේටාවලට නිදහස දෙන්න අප ලෑස්තියි. ඔන්ලයින් විප්ලවය ඇති කරන්න අප ලෑස්තියි.

මෙලෙස තරුණ පරපුර බලාපොරොත්තු වන අසීමිත ඩිජිටල් නිදහස වෙනුවෙන් නොවැම්බර් 16 වැනිදායින් පසු දේශපාලනයේ ඩිජිටල් වෙනසක් කොට වේගවත් ගමනක් යන්න ලෑස්තියි. අපි ගැන විශ්වාසය තබන්න. රූපවාහිනිය, කොම්පියුටර්, ඩෙනිම්, බ්‍රෝඩ් බෑන්ඩ්, ඉලෙක්ට්‍රොනික්, මේවා මේ රටට ගෙනාවේ අපියි. ඒ ආකාරයටම අනිවාර්යෙන්ම සික්ස් ජී (6G) මේ රටට ගේන්නෙත් අපියි. ලෝකයේ සැරිසරන්න, රට රැකියාවලට යන්න හීන දකින ඔබේ සිහිනය සැබෑ කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements