Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය නිසි ලෙස අහෝසි කර ඇත්දැයි තහවුරු කර නැති බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත් වුවද ඔහුගේ ජනාධිපති ධුරය අහෝසි කර දැමීමට හැකියාවක් පවතින බවයි.
ඔහු ද්විත්ව පුරවැසිභාවය නිසි ලෙස අවසන් කර නැතිනම් ඒ සම්බන්ධයෙන් මාස තුන හතරක කාලයක් ඇතුළත නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මීට පෙර එම පාර්ශව විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමකින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරියද ශ්‍රී ලංකා පුරවැසිභාවය නිසිලෙස ලබා ගෙන නැති බවයි.

ඒ සමඟ ඔවුන් විසින් අධිකරණය හමුවට ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ ලේඛනයක් ද ඉදිරිපත් කර තිබිණි.

එම නඩුවේ දී ඔවුන්ගේ නීතිඥයන් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ඇතත් ශ්‍රී ලංකා පුරවැසිභාවය නිසි පරිදි ලබාගෙන නැති බවයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා රටක් නැති පුද්ගලයෙක් ලෙස එම කාල සීමාවේ දී ඔවුන් විසින් හඳුන්වනු ලැබ තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements