Featured News

Video Gossip

Advertisement

තමන් ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව අවුරුදු30ක් පුරා පැවති යුද්ධයේ, නොයෙකුත් කම්කටොලුවලට අපි මුහුණ දුන්නා. අද දකුණේකණ්ඩායමක් බෞද්ධ ආගමික නායකයින් නමින් පල්ලි , කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි, කඩ සාප්පුවිනාශයට පත් කරමින් ඉන්නවා. මේ තත්වය උදාකළේ කවුද කියා ඔබ සියලුදෙනා හොඳින් දන්නවායැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා වව්නියාවේ දී පැවැත්වුණු නව ප්‍රජාතන්ත්‍රවාදීපෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසගේ ජන රැළිය අමතමින්ය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“මෙම මැතිවරණයඋතුරු නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, ඉස්ලාම් ජනතාව ඉතාමත්ම හොදින් සිතා බැලියයුතු මැතිවරණයක්. ඉස්ලාම් නායකයන් පිළිබඳව සිංහල ප්‍රදේශ වලට ගොස් බොරු ප්‍රචාර ගෙන යනවා.අහිංසක සිංහල සමාජය අතරේ ජාති බේදයක් ඇති කර රටේ ආරවුල් ඇති කිරීමට උත්සාහ ගන්නවා.මෙම අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාව මෙම මැතිවරණයේදී ඉතා සුපරක්‍ෂාකාරීව ප්‍රවේශමෙන්කටයුතු කිරීම අවශ්‍යයි.

සුළු ජාතීන්ගේ ජන්ද 90%ක් සජිත්ට !

සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකට ලබා දෙන විට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැලැක්විය නොහැකියි. එමනිසා මෙමමැතිවරණයේදී අපි වෙනත් මැතිවරණ වාගේ බෙදිලා ඡන්දය ප්‍රකාශය කිරීමට බැහැ. අදමුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගිනිමින් සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ඡන්දවර්ජනයක් කරන බව කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේඅපි විකල්ප කණ්ඩායමකට ඡන්දය දියයුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක්මෙම මැතිවරණයේදී සුළු ජාතීන්ට ඡන්දය දියයුතු බව කියා සිටිනවා. කොටස් කිහිපයකට බෙදීඅපගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මහතාට හැර වෙනත් කෙනෙකුට ලබා දෙන්නේ නම් අනාගතයේදී රටභාර ගැනීමට සිටින පරම්පරාව විනාශයට පත් වීම කිසිවෙකුට වලක්වන්න බැරි බව අපි දැනගතයුතුයි.

ඇතැම් කණ්ඩායම් විසින් මුස්ලිම් නායකයින් පිළිබඳව බොරු ප්‍රචාරය කර මුස්ලිම් ජාතීන්ගේ ඡන්දය කඩා දැමීමට කොළඹ සිටනියෝජිතයන් කණ්ඩායම් ගමින් ගමට යවමින් සිටිනවා. මේ අවස්ථාවේදී අපි ප්‍රවේශමෙන් කටයුතුසිදු කළ යුතුයි. අපි ඉතා සන්සුන්ව සිතිය යුතුයි. අපි යුද්ධයෙන් පීඩාවට පත්වූවන්.අපගේ පවුලේ දරුවන්, ඥාතීන් අහිමිවූවන් ලෙස අනාතවී ඉන්දියාවටද ගියා, අපි සරණාගතයින්වශයෙන් හැම පැත්තෙන්ම දුක්විඳිමින් සිටියා. අපිට ඒක අමතක කරන්න බැහැ. බොහෝ කාලයක්තිස්සේ අතුරුදහන්වුවන් සොයාදෙන ලෙස ඉල්ලා අපගේ මවුවරුන් වවුනියාව, මන්නාරම,මුලතිවු, කිළිනොච්චි , යාපනය යන ප්‍රදේශවල ගොස් ඇති බව ඔබ සියලුදෙනා හොඳින් දන්නාකරුණක්. තවමත් අතුරුදන්වූවන් සොයමින් සිටින කණ්ඩායමක් හඩා වැලපෙමින් සිටිනවා. සිරගෙවල්වල අපගේ තරුණයින්, සහෝදරයින් තවමත් සිටිනවා. රටේ ජනතාවගේ දිළිඳුකමට විසඳුමක්ලබාදිය යුතුව තිබෙනවා. මෙවැනි වාතාවරණයක ජීවත්වීමට අපට හොඳ නායකත්වයක් අවශ්‍යයි.

මම ඇතුලු මගේ ජනතාව අවුරුදු 30ක යුද්ධයේ, නොයෙකුත් කම්කටොලුවලට මුහුණදුන්නා. දකුණේ විවිධ කණ්ඩායම් බෞද්ධ ආගමික නායකයින් නමින් අද නීතිය අතටගෙනමුස්ලිම් පල්ලි , කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි, කඩ සාප්පු විනාශයට පත් කරමින් සිටිනවා.මේ තත්වය උදාකළේ කවුද කියා ඔබ සියලුදෙනා හොඳින් දන්නවා.

එක්වන්න, එකමුතු වන්න, බෙදී නොයන්න. ද්‍රවිඩ සන්ධානය,මුස්ලිම් කොංග්‍රසය, වෙන්න පුලුවන් මනෝගනේෂන් , රාධා ක්‍රිෂ්නන් නැත්නම්දිගම්බන්ගේ පක්‍ෂය වෙන්න පුලුවන්. අපි සියලුදෙනා පක්‍ෂ බේදයෙන් තොරව එකමුතු වියයුතුයි. මෙය අපේ රට. අපව කිසිවෙකුට යටත් නොවී සියලුදෙනාම එකාවන්ව ජීවත්වීමේවාතාවරණයක් ඇති කිරීමට සුදුසු එකම එක නායකයා සජිත් ප්‍රේමදාසයි. එමනිසා සජිත් ප්‍රේමදාසටඡන්දය ලබා දී හංසයා සළකුණට ඡන්දය ලබාදෙන ලෙස ආදරයෙන් ඉල්ලා සමුගනිමි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements