Featured News

Video Gossip

Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සම්පූර්ණ ශක්තිය යෙදවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපොහොසත් වී ඇති නිසා ඔවුන් සමඟ ඇතිකරගත් ගිවිසුමේ එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැඳී නොමැති බවට තර්කයක් එම පක්ෂය තුළින් මතුව ඇතැයි වාර්තා වේ. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දැනටමත් ශ්‍රීලනිප ආසන සංවිධාකයින් විශාල පිරිසක් සමඟ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටින බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ ද ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට පොරොන්දු වූ ඇමතිකම් ඇතුළු තනතුරු ලබා නොදිය යුතු බවයි පොහොට්ටුවේ බහුතරයකගේ අදහස වී ඇත්තේ. 

එසේම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවේ වේදිකාවකට හෝ ගොඩවීමේ හැකියාවක් නොමැති ලෙස පොහොට්ටු පාක්ෂිකයින් විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කර ඇති නිසා ඔවුන් සමඟ මහමැතිවරණයකට එක්ව තරග කිරීමේ වුවමනාවක් නොමැති බවට ද ඔවුන් තර්ක කර ඇති බව සඳහන්. විශේෂයෙන් නාමයෝජනා ලැයිස්තුවලින් 30% ශ්‍රීලනිපයට ලබාදීමට කිසිදු වුවමනාවක් දැන් නොමැති බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ. 

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ද දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට ඔවුන් බලාපොරොත්තු වූ තනතුරු කිසිවක්ම නොලැබෙන තත්වයක් නිර්මාණය වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පොහොට්ටුව එළඹ නොමැති බව ද වාර්තා විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements