කුරුණෑගල නගරයේ පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක සිවිලිමේ විදුලි පංකාවක් කඩා වැටී සිසුවියන් දෙදෙනකු රෝගාතුර වීමෙන් රෝහල් ගතකර තිබෙන බව වාර්තා වනවා.
විදුලි පංකාව එක් දරුවකුගේ හිස මතට කඩා වැටී ඇති අතර විදුලි පංකාවේ තටුවක් වැදී අසල සිටි දරුවාගේ දතක් කැඩී ඇති බවත් දැනට මෙම දරුවන් දෙදෙනාම කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. මීට පෙරත් මේ ආකාරයෙන්ම පෞද්ගලික පන්තියක විදුලි පංකාවක් කඩා වැටී ඇති බවත් දරුවන්ගේ මවුපියන් පවසයි.
පන්තිවලට සහභාගි වීමට අවශ්‍යතාව තිබුණත් දරුවන් පන්තිවලට සහභාගි වීමට බියක් දක්වන අතර පන්තිවල විදුලි පංකා අසල දරුවන් වාඩි නොවන බවක්ද වාර්තා වනවා.

