Featured News

Video Gossip

Advertisement


එලඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කල බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේය.

දෙමළ ජාතික සන්ධානයේ විශාලතම හා ප්‍රධානතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් සියලු දෙනා අද දිනයේ වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී රැස්වූවේ එලඹෙන ජනාධාපතිවරණයේදී සහය දෙනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ගැනීමටය.

එහිදී අද උදෑසන 10.30 සිට සවස 4.30 වනතුරු පැවති මද්‍යම කාරක සභාවේ අවසන් තීරණය වශයෙන් ඉලංගෙයි තමිල් අරුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම අවසන් තීරණය ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසා සිටයේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ,

‘අපි අද රැස්වුනු මධ්‍යම කාරක සබාවේදී අවසන් තීරණය වශයෙන් ගත්තේ එලඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ සහය ලබා දීමට පියවර ගත්තා ඒක අපේ පක්ෂයේ තීරණය නමුත් මේක සන්ධානයක් ඉතිරි තවත් පක්ෂ දෙකක අවසන් තීරණයක් තාම නැහැ ඒ පක්ෂ වල නායකයින්ගේ අවසන් තීරණය ගැනීමට ඔවුන් සමග සාකච්ඡා කිරීමට අපේ සන්ධානයේ නායක තුමාට භාර දීල තියනවා හේතුත් සමග ඉදිරිපත් කරයි.

ඒ වගේම අපේ ඉල්ලීම් 13 වෙනම කටයුත්තක් ඒක ඉදිරිපත් වුනු අවස්ථාවේදීම සියලු අපෙක්ෂකයින් ඒ ඉල්ලීම් බලන්නවත් කැමති නැහැ කියලා කිව්වා නමුත් ඒ ඉල්ලීමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සියලු ජනාධිපති අපේක්ෂකයින් සමග සාකච්ඡා කරලා මැතිවරණ ප්‍රතපත්ති ප්‍රකාශනය දිහා බැලුවා පසුව ඒකේ පසුබිම ගැන අද සාකච්ඡා කරල තමයි අද මේ තීරණය ගත්තේ. යනුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements