Advertisement

හෙට (04) සිට ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් වනතෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන පසුබිමක් සහිත සියලුම සම්මුඛ සාකච්ඡා, සංවාද, සජිවීව විකාශය කිරීම මැතිවරණ කොමිසම විසින් අත්හිටුවයි.

එවැනි වැඩසටහන් පිළිබඳව මැතිවරණ කොමිසමට දන්වා , පූර්වයෙන් පටිගත කර එකඟතාව ලබාගෙන විකාශය කළ යුතු බවමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

මාධ්‍ය උපමාන උල්ලංඝනය වන අයුරින් කටයුතු නොකරන ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බවද එම ලිපියේ සඳහන් වන අතර පසුගිය 30 වනදා විකාශය කළ වැඩ සටහනකින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අගතියට පත්වන අයුරින් කටයුතු කර ඇතැයි පැමිණිලක් ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනියට දැනුම් දී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements