Advertisement

තම පාලනයක් යටතේ සමෘද්ධි ලාභීන් සඳහා රුපියල් 10,000ක මාසික දීමනාවක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා පසුගියදා කෑගල්ලේදී පැවති ජන රැලියේදී අවධාරණය කළේ ය.
ඔහු සඳහන් කර සිටියේ රටේ සියලුම සමෘද්ධි ලාභීන් සඳහා රුපියල් 10,000ක මාසික දීමනාවක් ලබාදීමට හැකි වත්කම් රට තුළ ඇති බවත් එය අනිවාර්යෙන්ම තම පාලනයක් යටතේ සිදු කරන බවත්ය.

සමෘද්ධි ලාභීන්ගේ එම දීමනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ “සමෘද්ධිලාභීන් සම්පූර්ණයෙන්ම සවිබලගන්වා ආර්ථිකමය ස්වාධීනත්වය අත්පත්කරගන්නා තුරු පහළම ආදායම් ලබන පවුල් ලක්ෂ 06 සඳහා විශේෂ ව්‍යවසායකත්ව යෝජනා ක්‍රමයක් සමග සමෘද්ධි දීමනාව මසකට රුපියල් 10,000 දක්වා ඉහළ දැමීම” යනුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements