දැනට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 180,000 පමණ ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
ඔවුන් සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදීම සඳහා මෙරටට පැමිණෙන බවද ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් ඉදිරි දින වලදී මැදපෙරදිග හා යුරෝපයේ සිට වෙනම ගුවන් යානා වෙන්කරගෙන ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට සංවිධානය වී සිටින බවද ජයසුමන පැවසීය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන්තොටුපලේදීම පිළිගැනීමේ සුළු උත්සව සංවිධානය කරමින් ඇත.
පසුගිය දිනවලදීද එසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ද සදහන් කරන ලදී.

