Advertisement

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ද සාකච්ඡා කළ බවත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළේ කිසිදු කොන්දේසියක් මත නොව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සලකා බැලීමෙන් අනතුරුව බවත් ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේය. 
ඊයේ (02) වව්නියාවේදී පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසූ අතර යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සම්මත කරගෙන ඉදිරිපත් කෙරුණු යෝජනා 13 දෙමළ ජාතික සන්ධානය විසින් සකස් කළ යෝජනා නොවන බවත් ඒවා සම්බන්ධයෙන් තමන් කිසිදු අපේක්ෂකයකු සමඟ සාකච්ඡා නොකළ බවත් එහෙයින් එම ඉල්ලීම් 13 සහ තමන්ගේ තීරණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය. 

සුමන්දිරන් මහතා මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකළේ අදාළ ඉල්ලීම් 13ට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වූයේ ද යනුවෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

"ඒ ඉල්ලීම් ගැන අපි මොනවත් කළේ නෑ, ඒක වෙන කටයුත්තක්. ඒක අපි කාටවත් ඉදිරිපත් කරලා නෑ. කිසි අපේක්ෂකයෙක් ඉදිරියේ ඒ ඉල්ලීම් තියලා නෑ. ඒවගේ එකක් තියෙනවා කියලා මාධ්‍ය හරහා ප්‍රචාරය වුණු හැටියෙම හැම අපේක්ෂකයෙක්ම කිව්වා ඔවුන් ඒක බලන්නෙවත් නෑ කියලා. ඒනිසා ඒක ගැන අපි මොනවත් පියවර ගත්තෙ නෑ. 


ඒ උත්සාහයට ප්‍රථමව දමිළ ජාතික සන්ධානය අපේක්ෂකයින් එක්ක සාකච්ඡා මාලාවන් කිහිපයක් තියලා තියෙනවා. අපි ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බැලුවා. ඒකත් එක්ක ඔවුන්ගේ පසුබිම ගැන අපි සාකච්ඡා කළා. ඒකෙන් තමයි තීරණය ගත්තේ" යනුවෙනුයි සුමන්දිරන් මහතා සඳහන් කළේ. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements