Advertisement

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර වාර්තා වී තිබුණේ අද පස්වරුවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බවයි.

අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමට සහභාගි වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට දක්වා කල් දමා ඇති බවයි.

ඉදිරි මහ මැතිවරණය දක්වා තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත අතර එම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 15 කට සීමා කිරීමට ද තීරණය කර තිබේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා සහ ගැටළු රාශියකට ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ. 

15 දෙනෙකුගෙන් සමන්විත මෙම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුර 7ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද, අමාත්‍යධුර 5ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී සිටින කුඩා පක්ෂවලට ද, අමාත්‍යධුර 3ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද වශයෙන් බෙදී යාමට නියමිතය. 

මෙහිදී කුඩා පක්ෂ සඳහා වන ඇමතිකම් 5 විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර සහ ආරුමුගම් තොණ්ඩමන් යන මන්ත්‍රීවරුන් අතර බෙදී යනු ඇති බව වාර්තා විය. කැබිනෙට්ටුව තුළ දෙමළ ජාතික නියෝජනයක් පවත්වා ගැනීම සඳහා තොණ්ඩමන් මහතාට ඇමති ධුරයක් ලබාදීම අත්‍යවශ්‍ය වී තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමතිධුර 3ක් ලැබෙන අතර එහිදී ශ්‍රීලනිපයෙන් 2018 වසරේදීම ඉවත් වී පැමිණි 15 කණ්ඩායම ඒ යටතට හසු නොවන බැවින් ඔවුන්ගෙන් කිසිවකුට ඇමති ධුර නොලැබී යාමේ තත්වයක් මතුව ඇත. එසේම කැබිනෙට්ටුවට මුස්ලිම් නියෝජනයක් ද අත්‍යවශ්‍ය නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව මුස්ලිම් මන්ත්‍රීවරුන් නොමැති නිසා ශ්‍රීලනිපයට ලැබෙන ඇමතිකම් තුනෙන් එකක් ෆයිසර් මුස්තාෆා මහතා වැනි අයෙකුට ලබාදීමට සිදුවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

මේ අතර පොහොට්ටුවට ඉතිරි වන ඇමති ධුර 7න් එකක් කාන්තා නියෝජනය වෙනුවෙන් අනිවාර්යයෙන්ම පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වෙන් කිරීමට සිදුවනු ඇති. ඉතිරි ඇමති ධුර 6 බෙදාගැනීම සඳහා පොහොට්ටු මන්ත්‍රීවරුන් 50කට ආසන්න ගණනක් අතර තරගය ඇති වී තිබේ. 

මේ අතර දූෂණ චෝදනා ඇති මන්ත්‍රීවරුන්ට තනතුරු නොදෙන්නේය යන පදනම මත මහින්දානන්ද, ජොන්ස්ටන්, රෝහිත කැබිනෙට්ටුවෙන් හැළෙන්නේ නම් නඩු කිහිපයක්ම පවතින විමල් වීරවංශ මහතාට තනතුරු ලැබෙන්නේ කෙසේද යන ප්‍රශ්නය ද පොහොට්ටුව තුළ බරපතළ ලෙස මතුව තිබෙන බවත් ආරංචිමාර්ග පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements