Advertisement

දුම්රිය කාලසටහනේ සංශෝධනයක් සිදුකිරීමට දුම්රිය ගමනාගමන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව පස්වරු 1.40ට කොළඹ – කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය අද(21) සිට පස්වරු 1.25ට ධාවනය කෙරෙන බවත් එය සෑම දුම්රිය ස්ථානයකම නතර කෙරෙන බවත් දුම්රිය ගමනාගමන අධිකාරිය පවසයි.

එසේම පස්වරු 1.45ට කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා නව දුම්රියක් ගමන් කරවීමට ද දුම්රිය ගමනාගමන අධිකාරිය කටයුතු කර ඇත.

පස්වරු 1.55ට කොළඹ කොටුවේ සිට වේයන්ගොඩ දක්වා ධාවනය වූ සීමිත නැවතුම් මන්දගාමී දුම්රිය සෑම දුම්රිය ස්ථානයකම නතර කරන බව දුම්රිය අධිකාරිය පවසයි.

මගීන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සැළකිල්ලට ගනිමින් මෙම පියවර අනුගමනය කිරීමට තීරණය කළ බව දුම්රිය ගමනාගමන අධිකාරිය වැඩිදුරටත් පවසා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements