Advertisement

ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා යොදවන ලද මුදල් සොරකම් කිරීම සහ දැන්වීම් ප‍්‍රචාරය කිරිමේ දී විශාල කොමිස් මුදලක් ලබාගෙන තිබීම පිළිබඳව බරපතළ චෝදනා තිස්ස අත්තනායක සහ මලික් සමරවික‍්‍රම යන දෙදෙනාට එල්ල කර තිබේ.

එම පක්‍ෂයේ නලීන් බණ්ඩාර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා මෙම චෝදනාව එල්ල කළේ ය. ජනපි‍්‍රය වෙබ් අඩවි කිසිවකට සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂකයාගේ දැන්වීම් ලබා නොදී පුවත් පත්වලට ලබා දීම තුළින් විශාල කොමිස් මුදල් ප‍්‍රමාණයක් ලබාගෙන ඇති බවට චෝදනා නඟා තිබේ. එමෙන්ම එම පක්‍ෂයේ මූලස්ථානය ප‍්‍රචාරක කටයුතුවලට භාවිත නොකර වොක්ෂෝල් වීදියේ ගොඩනැඟිල්ලක් කුලියට ගෙන භාවිත කිරීම තුළින් විශාල මුදල් ප‍්‍රමාණයක් සොරකම් කිරීමට මඟ පාදාගෙන ඇති බවට ද චෝදනා නඟා ඇත.

මේ අතර තවත් පිරිසක් ද මෙවැනි ම චෝදනාවක් එල්ල කරමින්, පසුගිය 2010 සහ 2015 මැතිවරණවල දී ද පක්‍ෂයේ මුදල් විශාල ප‍්‍රමාණයක් සොරකම් කර සහ කොමිස් ගසා ඇති බවට චෝදනා කර තිබේ.

ගයාන් රූපසිංහ – ලංකා ඉරිදා සංග්‍රහය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements