Advertisement

ජනාධිපතිවරණයෙන් පසුව එහි ප්‍රතිඵල සමාලෝචනයන් සිදුකිරීම පසුගිය සතියේම දේශපාලන ක්ෂේත්‍රය තුළ බොහෝවිට සිදුවූ දෙයකි. 

මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පසුගිය 16 වැනිදා පැවැති අතර එමඟින් ඡන්ද 69,24,255ක් ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විශිෂ්ට ජයක් ලැබීය. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලබාගත හැකි වූයේ ඡන්ද 55,64,239ක් පමණි. 

ගෝඨාභය රාජපක්ෂ 52.25%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර සජිත් ප්‍රේමදාසට ලබාගත හැකිවූයේ 41.99%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. 

ගෝඨාභය රාජපක්ෂගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ තවමත් දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබස් වෙමින් පවතී. 

පසුගිය සතියේ එක්තරා දිනයක ගම්පහ ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී දේශපාලනඥයකු ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් එක්ව කතා කළේ ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ගැනය. 

මෙහි සිටි රජයේ ආරක්‍ෂක අංශයක උසස් නිලධාරියකුගේ ජංගම දුරකථනයට ගම්පහ දේශපාලන පවුලක ප්‍රබල සාමාජිකාවක් ඇමතුමක් ගත්තාය.

ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියටයි. 

“ආ.........කොහොමද මැඩම්? අලුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඔබතුමිය සුබ පැතුවේ නැද්ද?” යනුවෙන් රජයේ මෙම ඉහළ නිලධාරියා විසින් විමසන ලදී. 

“ඒ කවුද? මං දන්නේ නැහැනේ එයාව. මං දන්නේ මහින්ද විතරයි.” යනුවෙන් ඇයි කීවාය. හැබැයි මීට පස්සේ අපට කතා කරන්නත් ඔයාලට අවසර ගන්න වෙයි. යනුවෙන්ද ඇය කීවාය. 

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ අවසන් ජන රැලිය පැවැත්වුණේ පංචිකාවත්තේය. රාත්‍රි 11 වනතුරුද ප්‍රේමදාස එහි පැමිණ තිබුණේ නැත. ඒ වනවිට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාද වේදිකාවේ විය. ජනතාව අමතමින් සිටියේ ඉම්තියාස් බාකිර් මාකාර් හිටපු ඇමැතිවරයාය. ඔහු හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාර්ය ශූරත්වය හා ඔහු එජාපයට කළ මෙහෙවර අගය කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනතා මෙහෙය වර්ණනා කරමින් සිටියදී නිවේදකයා “චිට්” එකක් ගෙනැවිත් ඔහු අත තැබීය. 

“කතාව දැන් නවත්වන්න” යනුවෙන් එහි සඳහන් විය. ඒ වනවිට ඔහු කතා කර තිබුණේ මිනිත්තු 10ක පමණ කාලයකි. මේ “චිට්” එක ඔහුට ලැබුණේ අගමැති වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියකු හරහා නිවේදකයාට කළ දැනුම් දීමකට අනුවය. 

ඉම්තියාස් කතාව හමාර කළේය. 

ඊළඟට කතා කළේ රන්ජන් රාමනායකය. ඔහු පැය භාගයකට අධික වේලාවක් කිසිදු බාධාවකින් තොරව සිය කතාව කරගෙන ගියේය. සජිත් එහි පැමිණියේද ඒ අතරවාරයේය. ඒ වනවිට මධ්‍යම රාත්‍රියටද ආසන්නව තිබිණි. 

ප්‍රේමදාසලා නග්ගමින් කළ කතාව අසාත්මික වූ නිසා ඉම්තියාස්ට කතාව නවත්වන්න අණ ලැබුණු බව එහි සිටි සජිත් හිතවාදීන් බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. 

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජුA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements