Advertisement

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින සමීප සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන‍ යාම සඳහා තමා සූදානම් බවත් ඒ හරහා දෙරටේම ජනතාව ප්‍රතිලාභ ලැබෙන අයුරින් කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ හයිද්‍රාබාද් මන්දිරය ඉදිරිපිට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පැවති ඉන්දීය හමුදා උත්තමාචාරය පිළිගැනීමෙන් පසු මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමක් සිදු කරමිනි.

ඉන්දීය සංචාරය අරඹමින් ජනාධිපතිවරයා පළමුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සමග සාකච්ඡා පැවැත්වීය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් පසුව, ඉන්දීය සංචාරයක් සඳහා එක්වන්නැයි ජනාධිපතිවරයා වෙත නිල ආරාධනයක් සිදු කළේද ජයිශංකර් මහතා විසිනි.

නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ඉන්දීය අගමැතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිළ හමුව සිදු වූයේ ඉන් අනතුරුවයි. ඉන්දීය අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පළමු නිළ සංචාරය ලෙස ඉන්දියාවට පැමිණීම සතුටට කරුණක් බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements