Featured News

Video Gossip

Advertisement

චමත්කා ‘සරුංගල්’ එක්ක හා හා පුරා කියලා සිනමාවට ඇවිත්?
ඔව්. ‘සරුංගල්’ කියන්නේ මම සම්බන්ධ වුණු පළමුවැනි චිත්‍රපටය. චිත්‍රපටය දැන් තිරගත වෙනවා. මට තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ නිසා වෙනදාටත් වඩා කාර්යබහුලයි.


ඒ ලැබුණු පළමු අවස්ථාව තුළ චමත්කාට හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා කියලා හිතනවද?
මේක මගේ පළමුවැනි චිත්‍රපට රංගනය නිසා අඩුපාඩු ඇති. මම පරිපූර්ණ නැහැ. කොහොම වුණත් මට මේ රංගන අවස්ථාව ලබාදීම ගැන නාලක විතානගේ අයියාට මම ස්තුතිවන්ත වෙනවා. නාලක අයියා වගේම චිත්‍රපටයේ සියලු දෙනාම මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මම මගේ රංගනයට සාධාරණයක් කළා කියලා හිතනවා.

චමත්කා කියන්නේ සිනමාවට එන්න හීන දැකපු කෙනෙක්ද?
ඔව්. මගේ එක අරමුණක් වෙලා තිබ්බේ සිනමාවට එන එක. මට හිතුවටත් වඩා හොඳට ඒ අවස්ථාව ලැබුණා.


‘සරුංගල්’ චිත්‍රපටයේ චමත්කා නිරූපණය කරන චරිතයත් එක්ක චමත්කාගේ සැබෑ ජීවිතයේ සමානකම් තියෙනවාද?
මම රඟපාන අසංකි කියන චරිතය මගේ සැබෑ ජීවිතයට සමාන නැහැ. ඒත් ඒ චරිතය සහ මගේ චරිතයේ ලයිෆ් ස්ටයිල් එකයි. වැරැදි තීරණ අරන් මුහුණ දෙන ප්‍රශ්න ගැන තමයි ඒ චිත්‍රපටයේදී පෙන්වන්නේ. හැබැයි සැබෑ ජීවිතයේ මම වැරැදි තීරණ ගන්නේ නැහැ.


සැබෑ ජීවිතේ චමත්කා කියන්නේ කොයි වගේ චරිතයක්ද?
මම හරිම දැඩි ගති තියෙන කෙනෙක්. මම ආසා නැති දෙයක් කවුරු හරි කළොත් මට වැරැදි දෙයක් කවුරු හරි කළොත් මට තරහා යනවා.


මියුසික් වීඩියෝවල රඟපාලා චමත්කා විවේචනවලට හසු වුණානේ. සිනමා රංගනයට ආවට පස්සේ ඒ විවේචන නැති වුණාද?
විවේචන එල්ල කළාට මිනිස්සු දැනගත්තා මම භාරගන්නේ මොන වගේ වැඩද කියලා. මම ගිනියම් රෑ මියුසික් වීඩියෝව කළාට මම හැම මියුසික් වීඩියෝවක්ම කරන කෙනෙක් නෙමෙයි. නිරූපණ ක්ෂේත්‍රයේ හිටියත් මම හැම රැම්ප් එකකම දකින්න ලැබෙන්නේ නෑ. මම හැම තිස්සෙම දකින්න ලැබෙන්නේ නැති තෝරා බේරාගෙන වැඩ කරන කෙනෙක් කියලා මිනිස්සු දැන ගත්තා.


චමත්කා තෝරා බේරාගෙන රඟපාන කෙනෙක් කිව්වනේ. ඔය තෝරා ගැනීම තීරණය වෙන්නේ මොන වගේ සාධකත් එක්කද?
මම නිරුවත් චරිතම රඟපාන රංගන ශිල්පිනියක් නෙමෙයි. හැබැයි මම නිරුවත් චරිත නොකර ඉන්නේ නැහැ. ඒ වගේ චරිතයක් කරනවා නම් මම ගොඩක් දේවල් ගැන හිතනවා.


මොන වගේ දේවල් ගැනද හිතන්නේ?
මම ක්ෂේත්‍රයේ දිගටම ඉන්න කැමැති කෙනෙක්. ඒ නිසා ඒ වගේ චරිතයක් කරනවා නම් ඒක මගේ අනාගතයට කොහොම බලපායිද කියලා මම හිතනවා. මම ගිනියම් රෑ මියුසික් වීඩියෝවේ රඟපෑවම සමහරු මාව විවේචනය කළා. හැබැයි මම යම් ට්‍රෙන්ඩ් එකක් හැදුවා කියලා පස්සේ මං ගැන කතා කරන්න ගත්තා. හොඳ තිර පිටපතකට හොඳ විදියේ දායකත්වයක් ලබාදෙන්න පුළුවන් නම් මම ඒක කරනවා.


ඒ කියන්නේ විවේචනවලට චමත්කා සැලෙන්නේ නෑ කියන එකද?
සම්භාව්‍ය චිත්‍රපටවල ඒ වගේ රංගනයන් ඉදිරිපත් කරලා අපේ ප්‍රවීණයන් නොසැලී ඉන්නවා නම් ඇයි අපි සැලෙන්නේ.


චමත්කා කැමති අලුත් පිරිසක් එක්ක වැඩ කරන්නද? ප්‍රවීණයන් එක්ක වැඩ කරන්නද?
අපිට ප්‍රවීණයන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මම තරුණ පිරිස එක්ක වැඩ කරනවට වඩා ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න කැමැතියි. මොකද මම ඔවුන්ගේ විනයට, පිළිවෙළට කැමැතියි.


පෙම්වතා චමත්කාට සීමා දාන්නේ නැද්ද?
මගේ පෙම්වතා සීමන් කෙනෙක්. එයාට ලංකාවේ රැඳෙන්න වෙන්නේ වසරකට මාස කිහිපයයි. මම ආදරය කරන කෙනා මාව කසාද බඳින කෙනා මට සීමා දාලා නැහැ. එයා මට හොඳ සහයෝගයක් ලබා දෙනවා.


එහෙනම් විවාහයෙන් පස්සේ චමත්කාට ගෙදරට කොටු වෙන්න සිදුවෙන එකක් නැද්ද?
නැහැ. කොහෙත්ම නැහැ. මම නවතින්න හැදුවත් මගේ සැමියා මාව ගෙදරට කොටු කරන එකක් නැහැ. එයා කැමති නැහැ මම ගෙදරට වෙලා ඉන්නවට. වැඩ කරන, දක්ෂතාව පෙන්වන කෙනෙක් විදියට මාව දකින්නයි එයාට ඕනේ.


චමත්කාට තවත් ආරාධනා ලැබුණා කිව්වනේ. ඒ ආරාධනා මොනවද?
මම නාලක අයියගෙම ‘ඊතලය’ කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක වෙනස්ම චරිතයක්. මේ මාසේ තවත් චිත්‍රපටයක වැඩ පටන් ගන්න තියෙනවා.


චමත්කා පුංචි තිරයට එන්න කැමැති නැද්ද?
මට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. හැබැයි ඒ ආරාධනා මම මඟහැරියා.


ඇයි ඒ වටිනාකම වැඩි කරගන්නද?
අපි අපේ වටිනාකම තියා ගන්න ඕනේ. ඒ වටිනාකම තියාගෙන මම වැඩ කරන්නේ. මගේ මට්ටම තියාගන්න ඕන නිසා තමයි ඒ වැඩ භාර ගත්තේ නැත්තේ. දැනට මම ටෙලිනාට්‍යවල රඟපානවද නැද්ද කියලා තීරණය කරලා නැහැ. ඒත් ඉදිරියේදී ඒ ගැන හිතලා බලනවා.


චමත්කාගේ නැටිලිවලට දැන් මොකද වෙලා තියෙන්නේ?
මම ක්ෂේත්‍රයට එන්නේ නර්තනයෙන්. මම හසිනි පෙරේරාගේ ඉචදලච කියන නර්තන කණ්ඩායමේ තාමත් වැඩ කරනවා. මම නර්තනය අතහරින්නේ නෑ.


රියැලිටි ෂෝවලට ආරාධනා ලැබුණොත් නර්තනයෙන් වැඩ පෙන්වන්න කැමැතිද?
ඔව්. ආරාධනා ලැබුණොත් මගේ නර්තන හැකියාවේ මට්ටමත් එක්ක හොඳ වැඩක් නම් සම්බන්ධ වෙනවා.


චමත්කාගේ විවාහයත් දැන් අත ළඟ නේද?
ඔව්. පෙබරවාරි මාසේ විවාහ උත්සවය තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ දවස්වල කාර්යබහුල.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements