Featured News

Video Gossip

Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණින් ඇමරිකානු පුරවැසිභාවය අත්හළ නමුත් තමා තවමත් ඇමරිකානු පුරවැසියෙකු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවහොත් තමා ඇමරිකාවට යෑමට සූදානම් බවත් කෙසේ වුවද ඒ සඳහා මෙරට අධිකරණයේ අවසරය අවශ්‍ය බවත් ඔහු පවසනවා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජපක්ෂ මහතා මේ බව පවසා සිටියේය.

දේශප්‍රේමීත්වය වැනි කරුණු පිළිබඳ අදහස් දක්වමින් වෙනත් රටක පුරවැසිභාවය ලබා ගැනීම ගැටළුවක් නේදැයි මාධ්‍යවේදියෙකු එහිදී විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉදිරි කාලයේදී මුහුණදීමට සිදුවන ප්‍රශ්නවලදී වෙනත් රටක පුරවැසිභාවය ලබාගෙන සිටීම වැදගත් වියහැකි බවයි. එසේම ඕනෑම පුද්ගලයෙකුට තවත් රටක පුරවැසිභාවය ලබා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව ද ඔහු පවසනවා.

රටේ ජනතාවට ඒ පිළිබඳව ගැටලුවක් තිබේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව 16 වැනිදා ජනතාව විසින් ලබාදෙනු ඇති බවයි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements