Featured News

Video Gossip

Advertisement

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහභාගිවු වනාතවිල්ලුව කරතිව් රැස්විම අතරතුරදි පිරිසක් අරුවක්කාලු කසල අංගණය සම්බන්ධව ඇයගේ ස්ථාවරය සහ එයට විසඳුම් ඉල්ලා කල ප්‍රශ්න කිරිමක් නිසා රැස්විම දැඩි උණුසුම් තත්ත්වයක් මතුව තිබුනි.

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජීත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කරතිව් නගරයේ පැවති රැළියේ ප්‍රධාන ආරාධිකාව ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පිරිසක් එක්ව තිබුනී.
මෙම රැස්විම සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි , ඇතුළු දේශපාලනඥයින් පිරිසක් එක්වි තිබුනී.

රැස්විම අවසානයේ බණ්ඩාරනායක මහත්මියගේ කථාව අවසන් කිරීමත් සමග වේදිකාවෙන් ඉවත් විමට ඇය සුදානම් වනවාත් සමග අරුවක්කාලු කසල අංගණයට විරෝධය පළකරන පුත්තලම නගරයේ පිරිසක් කසල අංගණය පිළිබඳව එතුමියගේ ස්ථාවරය විමසන්නට විය .

එහිදි එම අරුවක්කාලු කසල අංගණය විරෝධි පිරිස් පවසා සිටියේ මේ වන විට කසල අංගණයේ පිපිරිම් පවා ඇතිවි ඇති බවයි.

ඒ සමඟම මෙවැනි ව්‍යාපෘති නිසා තවත් වසර පහකින් මේ ගම්මාන දමා යාමට ජනතාවට සිදුවන බව දැඩිව පවසන්නට විය .

එහිදි බණ්ඩාරනායක මහත්මිය පවසා සිටියේ මේ සදහා විසඳුමක් ඡන්දයෙන් පසුව ලබා දෙන බවයි . එයට විරෝධය පෑ පිරිස් බණ්ඩාරනායක මහත්මිය ඉදිරියේදි කසල අංගණයට විරෝධය පා ඝෝෂා කරන්නට විමත් සමග එම රැස්විමට එක්වි සිටි පිරිසක් මෙම පිරිසට පහර දිමට සැරසුන අතර තවත් පිරිසක් එය මැඩ පැවැත්විමට දැඩි උත්සාහයක් ගන්නා ආකාරය දැක ගත හැකි විනි .

සියල්ල හමුවේ වේදිකාවෙන් බැස ගත් බණ්ඩාරනායක මහත්මිය සිනාසි ඇයගේ ආරක්ෂකයින්ගේ දැඩි ආරක්ෂාව යටතේ පිටත් වි යාම සිදුවිනි .

ඇය පිටවි යාමෙන් පසුවද රැස්විම් භූමිය දැඩි උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබු අතර පුත්තලමෙන් පැමිණි කසල අංගණයට විරෝධය මතුකල පිරිස් එම ස්ථානයේ රැඳි සිටි පිරිසගේ දැඩි විරෝධය හමුවේ පිටත් වි යාම දැක ගත හැකිවිනි.

අදාළ ස්ථානයේ රාජකාරි වල නිරතවු පොලිස් නිලධාරින් දැඩි ප්‍රයත්නයක් දරමින් ගැටුමක් ඇති විම වැලැක්විම සදහා මහත් පරිශ්‍රමයක් ගන්නා ආකාරයද දැක ගත හැකි විනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements