Advertisement

අප්‍රේල් 21 පාස්කු දිනය දා ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පසුපස සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්භ වූයේ පාස්කු ප්‍රහාරයෙන් බවත් උන්වහන්සේ සඳහන් කළහ.
පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් සැලසුමක් අනුව බවත් ඊට පසු දවසකම තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීමෙන් එකී කුමන්ත්‍රණය හෙළි වන බවද අමිල හිමියන් පැවසූහ.

පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රධානියා වන සහරාන් හෂීම් ඇතුළු පිරිසට වැටුප් ගෙවා නඩත්තු කර ඇත්තේද ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් එය ජනාධිපතිවරණයට ඒම සඳහා පූර්ව සූදානම් කිරීමක් බවත් අමිල හිමියෝ තවදුරටත් කියා සිටියේය.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

යම් ලෙසකින් ගොටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගත්තද ඡුන්ද පෙත්සමක් මගින් ඔහුව ජනාධිපති ධුරයෙන් ඉවත් කරන බවත් එනිසා පොහොට්ටුවට ඡුන්දය දැමීම අපරාධයක් බවත් එම ඡන්දය අවලංගු වන බවත් උන් වහන්සේ එහිදී තව දුරටත් කියා සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements