Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රීලනිප නියෝජිතයින් සිව් (04) දෙනෙකුගේ නම් එම පක්ෂයේ නායක, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් නිර්දේශකර යොමු කර තිබුන ද ඒ අතරින් තරුණ දේශපාලනඥයින් දෙදෙනෙකු වන දුමින්ද දිසානායක හා දයාසිරි ජයසේකර යන හිටපු අමාත්‍යවරුන්ගේ නම් කැපී යාම ශ්‍රීලනිපයේ දැඩි කනස්සල්ලට හේතුවී තිබේ.

ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව ජයග්‍රහණයෙන් පසු පිහිටුවන ආණ්ඩුවක තනතුරු පිරිනැමීමේදී ශ්‍රීලනිපයට තුනෙන් එකක කෝටාවක් හිමිවිය යුතුව ඇතැයි ශ්‍රීලනිපය පවසයි.

භාරකාර ආණ්ඩුවේ 15 කින් යුතු කැබිනට් මණ්ඩලයට ශ්‍රීලනිප නායකයා විසින් මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා හා දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන්ගේ නම් 04 නිර්දේශකර යවා ඇත්තේ ඒ අනුවය.

සේවුවද ගෝඨාභය රාජපක්ෂගේ හා ශ්‍රීලනිපයේ එකඟතාවය කිසිඳු ලෙසකින් මායිම් නොකරමින් ශ්‍රීලනිපයෙන් යෝජනාකල දුමින්ද හා දයාසිරි මන්ත්‍රීවරුන්ගේ නම් 'පොහොට්ටුවේ' බලධාරීන් විසින් කපා හැර ඇත්තේ රාජපක්ෂ පවුලේ අනාගත 'ඔටුන්න හිමි කුමාරයා' වන නාමල් රාජපක්ෂට යම් තර්ජනයක් වීමේ අවධානම නිසා දැයි බරපතල සැකයක් මතුව ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර කල විමසීමකදී, කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් සාධාරණය ඉටුකිරීමට තමා නොපමාව කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇතැයි වාර්තාවේ.


පොහොට්ටු - ශ්‍රීලනිප ගිවිසුම !

ශ්‍රීලනිපය හා 'පොහොට්ටුව' අතර ඇති කරගත් එකගතාව අනුව ජයග්‍රහණයෙන් පසු සියයට 30ක් අවස්ථා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දිය යුතු බවත් එනම් මැති ඇමති තනතුරු ලබාදීමේදී සියයට 30ක් ශ්‍රීලනිපයට හිමිවිය යුතු බවත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මිට ඉහතදී ප්‍රකාශකර තිබිණ.

ඒ සම්බන්ධයෙන් 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානියකු ගෙන් කළ විමසීමක දී පැවසුයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර 2019 ඔක්තෝම්බර් මස 10 දා කොළඹ දී ඇතිකර ගනු ලැබූ අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 පළාත් පාලන මැතිවරණයේදී ලබාගන්න ලද ඡන්ද පදනම සැලකිල්ලට ගනිමින් එම පක්ෂයට ප්‍රමාණාත්මක හා සාධාරණ නියෝජනයක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වී ඇති බවයි.

කැබිනට් මණ්ඩලයට ශ්‍රීලනිපයෙන් නම් දෙකක් ඇතුලත් වුයේ ඒ අනුව බව ද ඔහු කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements