Advertisement

කැබිනට් ඇමැතිවරයකුට තබා ගත හැක්කේ එක් උපදේශකයෙක් පමණක් බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරනවා.

කාර්ය මණ්ඩල සීමා කර වියදම් අඩු කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්තිය මත මෙම ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මින් පෙර පැවැති සෑම ආණ්ඩුවකදීම කැබිනට් ඇමැතිවරුන්ට උපදේශකයන් කිහිපදෙනෙක් පත්කර ගැනීමට හැකියාව ලැබිණි. ඇතැම් ඇමැතිවරු ඒ ඒ විෂයයන් අනුවද උපදේශකයන් පත් කරගෙන සිටියහ.

පසුගිය සමයේ ඇමති උපදේශකයින් විශාල ප්‍රමානයක් පත්කල විවිධ අමාත්‍යවරුන්ටද චෝදනා එල්ල වූ අතර සමාජ මාධ්‍ය හරහාද මහජනයා සිය විරෝධතාද මේ පත්කිරීම් සම්බන්ධව එල්ල කරනු දකින්නට ලැබුනා. කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පිලිබදව අවධානය යොමුකර ගනු ලැබූ පියවර පිලිබදව ජනතා ප්‍රසාදය අනිවාර්යයෙන්ම හිමි වනු ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements