Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මතහාගේ අමෙරිකානු පුරවැසිභාවය අ‍හෝසිකර ඇති බව ලබන සතියේ පැවැත්වෙන මැතිවරණයට පෙර රටට ඔප්පු කර පෙන්වන ලෙස මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (06) රාජපක්ෂ මහතාට අභියෝග කෙළේය. මුදල් ඇමැතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ අභියෝගය එල්ල කළේ ඊයේ (06) සවස මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා, මේ වනතුරුත් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියෙකු වන බවත්, ජනාධිපතිවරණය සඳහා ඔහු තරග වදිනුයේ එම තත්ත්වයෙන් බවත් අවධාරණය කෙළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසියෙකු නොවේ නම්, එසේ නොවන බව රටවැසියන් හට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නිවේදනය කිරීම ඔහුගේ යුතුකම හා වගකීම වන බවයි.

මේ පිළිබඳව ඕනෑකමක් දක්වන සියලු ජනතාව අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව නිවැරදි පිළිතුරක් ලබාදෙන ලෙස බලකර සිටිය යුතුයි.

මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින්ට දැනගැනීමට අවශ්‍යම කරුණ වනුයේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ සෙවීම නොව ප්‍රධාන අපේක්ෂකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය අහෝසිකර ගත්තාද? යන්න දැන ගැනීම සහ දැනට අමෙරිකානු පුරවැසියන් වන ඔහුගේ බිරිඳ හා පුතා තවදුරටත් එම පුරවැසිභාවයේම රැඳෙනවාද යන්නයි.

අමෙරිකානු පුරවැසිභාවය අහෝසිකර ගැනීම සඳහා අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රයක් හිමි අයෙකු එහි භාණ්ඩාගාරයෙන් ඩී.එස්.4079 (D.S.4079) විශේෂ සහතිකයක් ලබාගත යුතු වේ.

මේ වසර (2019) පළමු මාස 06 ඇතුළත පුද්ගලයින් 1090 ක් එවැනි සහතික ලබාගෙන ඇත. නමුත්! ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම අමෙරිකානු දිස්ත්‍රික් උසාවි 54න්ම (ඩී.එස්.4079) අනුමත කරගෙන නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements