Advertisement

වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් අද (07) අලුයම සැක පිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

ගිනිගත්හේන පොලිස් වසමට අයත් කොත්තැල්ලෙන ප්‍රදේශයේ ජනාධිපතිවරණ ප්‍රචාරක පොකුරු රැස්විම වලට සහභාගි වි එස් .බි දිසානායක මන්ත්‍රිවරයා ඇතුළු ආරක්ෂක නිලධාරින් ගිනිගත්හේන පොල්පිටිය මාර්ගය හරහා වාහන වලින් ඊයේ (06) රාත්‍රි 8 ට පමණ ගමන් කරමින් සිටියදි නාවලපිටියේ සිට පොල්පිටිය හරහා මිනුවන්දෙණිය දක්වා විවහා මංගල්‍යය උත්සවයකට සහභාගි වි නිවස කරා යමින් සිටි තරුණයන් සිව්දෙනෙක් රැගත් වැන් රථයේ ඇමති ආරක්ෂක අංශයේ කේ ඩි එච් වර්ගයට අයත් SP PE -6828 දරන වැන් රථයේ ඉදිරිපස පැති කණ්ණාඩිය තරුණයන් රැගත් වැන් රථයේ පැති කණ්ණාඩියේ ගැටි ඇත.

අනතුරත් සමග ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් සහ තරුණයන් පිරිස අතර ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු එම ස්ථානය මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා එම ස්ථානයට පැමිණ සිද්ධිය සමතයකට පත් කර ඔහු ගමන් ගත් වැන් රථයට ගොඩ වි පිටව යාමත් සමග ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් තමන්ට සහ තම මිතුරෙකුට පිස්තොලයකින් වෙඩි තැබු බව වෙඩි වැදිමෙන් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රොහලේ නේවාසික ප්‍රතිකාර ලබන ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචි රවින්ද්‍ර රෂාන්(22) කියා සිටියේය.

තමන්ගේ දකුණු අතට වෙඩි වැදුණු බවත්, තම මිතුරාගේවම් පාදයට වෙඩි වැදුණු බවත්, පසුව දෙදෙනාම කිතුල්ගල තැලිගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තමන්ව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙතත් තම මිතුරා වන ගිනිගත්හේන පොල්පිටියේ පදිංචි චරිත් මදුෂාන් (23) කරවනැල්ල මුලික රෝහල වෙත මාරු කර යැවු බවයි රවින්ද්‍ර රෂාන් කියා සිටියේය.

වෙඩි තැබිම සිදු කලේ යැයි කියන ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් තලාතුඔය පොලිසිය වෙත ගොස් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදි තරුණයන් පිරිසක් වාහනය හරස් කර පහර දිමට උත්සහ කල බව පවසමින් සිදු කල පැමිණිල්ලක් මත එම ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් තලාතුඔය පොලිසිය මගින් පරික්ෂණ පැවැත්විම සදහා ගිනිගත්හේන පොලිසිය වෙත භාර දි ඇත.

ගිනිගත්හේන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂන අංශයේ නිලධාරින් දෙදෙනා සහ වැන් රථය වෙඩි තැබිමට උපයෝගි කරගත් යැයි කියන පිස්තොල දෙක හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කර ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනා හදුනාගැනිමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements