Featured News

Video Gossip

Advertisement

විනය ගරුක, නීතිගරුක සමාජයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. කැස්බෑවේ පැවැති ජන රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.

බොරු අවලාද අපහාස ගෙන එයි. ඔබ බුද්ධිමත් ජනතාවක්. ඒ අභූත චෝදනාවලට රැවටෙන්නේ නැතිව පොහොට්ටුවට ඡන්දය භාවිතා කරන්නයි අපි ඉල්ලා සිටිනවා. ඉතා පිරිසිදු මැතිවරණ ප්‍රචාරණයක යි අපි යෙදුනේ. අපේ ජය අපිට සහතිකයි. ජයග්‍රහණය සාමකාමිව භුක්ති විදින්න.
අපි මේ රට නගන රට හදන වැඩපිළිවෙල ඔබට ඉදිරිපත් කර තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි හැදුවේ මේ රටේ ඉන්න වෘත්තිකයින් බුද්ධිමතුන් ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කරලා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් විදියටයි. ඒ සමගම ගම සමග පිළිසදරක් යටතේ ඔබේ අදහස් ගෙන ඒවාත් මේ වැඩපිීලවෙලට එකතු කර තිබෙනවා. මේ ප්‍රායෝගික වැඩපිීලවෙලේ තිබෙන සෑම කරුණක්ම අපේ ධූරකාලයේ අවසන් කරනවා.

විජාතික බලවේගවලට යටවුනු ඇමැති මණ්ඩලයක් සිටින මේ රජය, අපේ රණ විරුවන්ට විරුද්ධ වුනු රාජ්‍ය නොවන සංවිධානවලට යට වුනු ඇමැති මණ්ඩලයක් ඉන්න මේ රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ නිසයි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න ගත්තේ. නැවත අපේ රටේ කිසිදු ත්‍රස්තවාදයකට හිස ඔසවන්න මම ඉඩ තියන්නේ නැහැ. ඔබේත් ඔබේ දරුවව්ගේත් අනාගතය මම භාර ගන්නවා. අපේ රටේ පිරිසිදු ගුණාත්මක රාජ්‍ය පාලනයක් ඇති කරනවා. ඵලදායි පුරවැසියෙක් බිහි කීරිම අපේ බලාපොරොත්තුවයි.

කඩා වැටුනු ආර්ථීකය ගොඩනගන්න ජනතා කේන්ද්‍රීය වැඩපිළවෙල්ක අපි ඉදිරිපත් කර තිබෙන්නේ. කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය කඩා වැටිලා. අපි දේශිය වැවිලි කරුවා ගොඩ නැංවිම සඳහා කිසිදු වැවිලි බෝගයක් මෙරටට ගෙන්වන්න දෙන්නේ නැහැ. අපේ රජයක් යටතේ දේශිය කර්මාන්තකරුවා දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරගන්නවා. ඒකටයි අපි පැහැදිලි බදු ක්‍රමයක් හදුන්වා දී තිබෙන්නෙ. 

මේ සංකීර්ණ බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. අපි අනවශ්‍ය බදු ඉවත් කර සරල බදු ක්‍රමයක් ඉවත් කරලා තියෙනවා. වැට් බද්ද 8% දක්වා අඩු කරලා ආර්ථීකය ඉදිරියට ගෙන යන ක්‍රමවේදයක් අපි ඉදිරිපත් කර තිබෙනවා. අද මේ රටේ ආරක්ෂාව සුරක්ෂීතභාවට නැති නිසා සංචාරක ක්ෂේත්‍රය කඩා වැටිලා.

අද ඉන්දියාවේ සිට චිනය දක්වා විශාල මධ්‍යම පන්තියක් ඇති වෙලා තිබෙනවා. ඒ සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමට වැඩපිළීවෙලක් සකස් කරන්නත් ආගමන විගමන ක්‍රමවේද පහසු කරන්නත් අවශ්‍යයි. ඒ වගේම ආසියාවේ ආර්ථීකය තාක්ෂණය මුල්ව දියුණූ වෙලා තියෙන්නේ.

අපි තරුණ තරුණයින් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය පරිගණක තාක්ෂණය හරහා විශාල වශයෙන් රැකියා උත්පාදනය කරනවා. මේ ක්ෂේත්‍රයේ රැකියා ගන්න උපාධී අවශ්‍ය නැහැ. අපි කෙටි කාලයක් තුල තරුණයා මේ සඳහා පුරුදු කර ආර්ථිකයට සරිලන රැකියා සඳහා අවස්ථා ලබා දිය යුතුයි.

ඒ වගේම විනය ගරුක නිතිගරුක ගුණ ගරුක සමාජයක් අපි ඇති කරනවා. අපි හැමදාමත් අභියෝග භාරගත්ත කණ්ඩායමක්. අපි භාරග්ත්ත සෑම වගකීමක්ම අපි ඉටු කළා. ආසියාවේ සිග්‍රයෙනක්ම දියුණූ වන නගරය බවට කොළඹ නගරය පත්කරන්න මට පුලුවන් වුනා. කොළඹ දුප්පත් පැල්පත් වාසින් වෙනුවෙන් මහල් නිවාස ඒකක 20000ක් හැදුවා. අද ඔබ මට දෙන වගකීමත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරනවා. ඔබ මා කෙරෙහි විශ්වසය තියන්න. ඔබේ යුතුකම ඉටු කරන්න. මගේ යුතුකම සුරක්ෂීත රටක් අභීමානවත් සෞභාගමත් දේශයක් ඔබට හිමිකර දිමයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements