Featured News

Video Gossip

Advertisement

රාජපක්ෂ සමයේ සිදුවූ ඝාතන සහ පැහැරගැනීම්වලට යුක්තිය ඉටුකිරීම සඳහා විශේෂ පරීක්ෂණ පැවැත්විය යුතු බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා තිබේ. මාධ්‍ය හමුවක් අමතමින් රාජිත සේනාරත්න පැවසුවේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ පැහැරගැනීම් සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

2015 ජනාධිපතිවරණයේ පොරොන්දු වූ පරිදි මෙම ඝාතන සහ පැහැරගැනීම් ගැන පරීක්ෂණ පැවැත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව රාජිත සේනාරත්න පවසා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සිටියදී සුදු වෑන් යොදා ජනතාව පැහැර ගත් බවට එම පැහැර ගැනීමට සම්බන්ධ රියදුරෙකු බව පුද්ගලයෙකු හා පැහැර ගැනීමට ලක් වූ බව කියන පුද්ගලයෙකුද මෙම මාධ්‍ය හමුවට එක්වී තිබුණි.

රාජපක්ෂ සමයේ සිදුවූ ඝාතන සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බව 2015 වසරේ බලයට පත් ආණ්ඩුව ලබාදෙන ලද මැතිවරණ පොරොන්දුවකි. නමුත් බලයට පත්වූ පසු එම ඝාතන සහ පැහැරගැනීම් ගැන යුක්තිය ඉටු කිරීම තබා නිසියාකාරව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පවා ආණ්ඩුව විසින් නොතකා හරින ලදී. නැවතත් මැතිවරණයක් ලංවන විට ඔවුන් ඒ ගැන කතා කිරීම අරඹා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements