Advertisement

තමන් විසින් දරන ලද ඇමරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව අවසන් කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ඊයේ රාත්‍රී පැවති ‘360’ දේශපාලන සංවාදය සමග එක්වෙමිනි.

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාළ වූ මුල් පිටපතද ඔහු මාධ්‍ය ඉදිරියේ ප‍්‍රතාශයට පත් කරමින් ඔහු කියා සිටියේ තමන් මේවා ප්‍රසිද්ධ කරන්නේ අසත්‍ය මඩ ප්‍රචාර කරන්නන්ගේ දැන ගැනීමට නොව පොදු මහජනතාවගේ දැනුවත් වීම උදෙසා පමණක් බවයි.

ඉදිරි සීමිත දින කිහිපයේදී පරාජය නියතව සිටින පිරිස් විසින් අසත්‍ය මඩ ප්‍රහාර විශාල වශයෙන් එල්ල කිරීමට හැකියාව ඇති බවත් ඒවාට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements