Advertisement

අද කාලයේ ගොඩක් අය කැමති සුදුවෙන්න ඒ නිසා වෙළඳපලේ තියෙන විවිද ආලේපන බාවිතා කරනවා අඩුම තරමෙන් ඒ ආලේපන සමට සුදුසුද කියලවත් ඒ අය නෑ ලංකාව කියන්නේ ආසියානු කලාපයේ රටක්. ඉතින් අපේ රටේ ජනතාවගේ සමෙහි වර්ණය දුඹුරු පැහැයට හුරු තලෙළු පැහැයක් ගන්නවා.

ඒ සඳහා දේශගුණික, කාලගුණික සාධක, ජානමය සාධක හා පෝෂණ මට්ටම ආදී විවිධ කරුණු රාශියක් බලපානවා. හිරු රශ්මිය හොඳින් ලැබෙන අපේ රටේ ජනතාවගේ සම තද පැහැයෙන් යුක්ත වන්නේ ස්වභාවධර්මයාගේ දායාදයකට අනුවයි. නමුත් බොහෝ ශ්‍රී ලාංකික තරුණියන්ගේ එකම ප්‍රාර්ථනය වන්නේ සුදු පැහැති සමක් ලබාගැනීමයි. සමෙහි පැහැය වැඩිවීමට හෝ අඩුවීමට බලපාන්නේ මෙලනින් නම් වූ වර්ණකයයි. 
තමාට උපතින් උරුම වූ සමෙහි පෙනුම කෘත්‍රිමව වෙනස් කර ගැනීමට උත්සාහ ගැනීම ඉතා දරුණු අතුරු ආබාධ රාශියකට බලෙන් අතපෙවීමක් වැනියි. ඉතින් ඔබේ සම සුදු පැහැති මලානික වූ සමක් නම් එවැනි සුදු පැහැති සමක් නිරෝගී, පැහැපත් සමක් වන්නේ නැහැ. එමෙන්ම කෙනකුගේ පෞරුෂත්වය මැන බැලීම සඳහා සමෙහි පැහැය අදාළ වන්නේද නැහැ. 

ඒ නිසා අප කළ යුත්තේ නිකැළැල් පැහැපත් නිරෝගී සමක් ලබාගැනීම සඳහා උත්සාහ කිරීමටය. ඒ සඳහා ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කරමින් නිවෙසේදීම ඉතාම පහසුවෙන් මාසයක් වගේ කාලයන් තුළ සම පැහැපත් කර ගැනීමට සුදුසුම ප්‍රතිකර්මය අද අපි ඔබ වෙත ගෙන එන්න සිතුවා. සම ඉතා ඉක්මනින් පැහැපත් කරන සත්කාරයක් අවශ්‍ය ද්‍රව්‍ය පිටිකිරි – 250ඨක් පමණ Fresh Orange Juice – ගෙඩි දෙකක යුෂ

කුඩුකරගත් ඕට්ස් – 230ඨක්් පමණ සාදාගන්නා ආකාරය පිරිසුදු භාජනයක් ගෙන එයට පිටිකිරි සහ කුඩු කරගත් ඕට්ස් ‍ෙදාඩම් යුෂ යන ද්‍රව්‍ය සියල්ල එයට එකතු කරන්න. ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කරමින් තරමක් ඝනකම් ආලේපනයක් සාදා ගන්න. භාවිත කරන ආකාරය සුදුසු ටචජඥ ඹචඵඩ එකක් භාවිත කොට මුහුණ හා බෙල්ල ප්‍රදේශය හොඳින් පිරිසුදු කරගෙන සමෙහි තෙත ගතිය ඉවත් වූ පසු පිළියෙල කරගත් ආලේපනය සම මත උඩ අතට සුදුසු බුරුසුවක් ආධාරයෙන් ආලේප කරගන්න. විනාඩි 15-20 පමණ වේලාවක් සම මත වේළෙන්නට තබා සීතල ජලයෙන් සෝදා ඉවත් කරන්න. 

මෙම සත්කාරය සතියකට දින දෙකක් තුනක් පමණ සිදුකළ යුතුයි. මෙම සත්කාරය තුළ ඕට්ස් අඩංගු වන නිසා ඕට්ස් මඟින් සමෙහි තෙතමනය ආරක්ෂා කරන අතර සම පැහැපත් කිරීමද සිදුකරනවා. 

එමෙන්ම පිටිකිරි කියන්නේත් සමෙහි වියළි බව දුරු කරන සමෙහි තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කරන ද්‍රව්‍යයක්. ‍ෙදාඩම් යුෂවල විටමින් වර්ග බොහොමයක් අඩංගු වන නිසා සම ඉක්මනින් පැහැපත් කරන අතර සම මත ප්‍රති ඔක්සිකාරකයක් ලෙසත් ක්‍රියාකරනවා. 

එමෙන්ම සමෙහි වියපත් භාවය දුරු කොට අවපැහැ ගැන්වීම් ඉක්මනින් යථා තත්ත්වයට පත් කරනවා. මේ නිසා මෙම සත්කාරය මඟින් ඉතා ඉක්මනින්ම මුහුණට සහ මුළු සිරුරටම එකම වර්ණයක් ලබාගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. දිනුෂා මනෝරි නිශ්ශංක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements