Advertisement

ලබන වසරේදී ණය වාරිකය සහ පොළිය ගෙවා දැමීම සඳහා රාජ්‍ය ආදායම මදිවන හෙයින් අමාරුකම් විඳ දරාගනිමින් සියල්ලන්ම කටයුතු කළ යුතු බව ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. 

රට පැවති ආකාරයටම ඉදිරියට ගියේ නම් ජනතාවට හිඟා කෑමට හෝ කුසගින්නේ මියයාමට සිදුවිය හැකිව තිබුණු බව පැවසූ ඒ මහතා දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට එම අභියෝගයට මුහුණ දීමට සිදුව ඇති බවයි සඳහන් කළේ. 

රටේ ජනතාව මෙවර ඡන්දය භාවිතා කළේ බඩුමිල ගැන හෝ දෙනවායැයි කියූ පොරොන්දු ගැන සිතා නොවන බවත් මෙය රට ගැන සිතා ඡන්දය ප්‍රකාශ කිරීමක් ලෙස තමන් දකින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. රට මුල් කරගත් ඡන්දයක් මෙරට ඉතිහාසයේ තිබිණි නම්, සිංහල බෞද්ධකම මුල්කරගත් මැතිවරණ ජයග්‍රහණයක් තිබිණි නම් ඒ පළමු වතාව නොවැම්බර් 16 වනදා බව පැවසූ ඒ මහතා සමහරුන් ඡන්දය ප්‍රකාශ කර ඡන්ද පෙට්ටියට වන්දනා කර තිබුණු බවත් පැවසීය. 

කෙසේවෙතත් ලක්ෂ හයක පිරිසකට සමෘද්ධිය ලබාදී ඇති බවත් රාජ්‍ය සේවයට විශාල පිරිසක් ඇතුළත් කරගෙන ඇති බවත් පැවසූ ඒ මහතා රජය වෙනස් වූ පමණින් මේවා වෙනස් කළ නොහැකි බවත් ප්‍රකාශ කළේය. මේ අතරේම මැතිවරණ පොරොන්දු ද ඉටු කිරීමට ඇති හෙයින් විශාල අමාරුවකට රජය මුහුණ දී සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 

ඒ අනුව එම අමාරුකම් විඳ දරාගෙන සියල්ලන්ම කටයුතු කළ යුතු බව අවධාරණය කළ ඒ මහතා අවම වශයෙන් රැකියාවක් ලැබෙන තුරු ගෙවත්ත හෝ වගාකරන්නැයි ඉල්ලා සිටියේය. 

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (24) අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements