Advertisement



සජිත් ප්‍රේමදාස මහතා වටා සිටින පිරිස විසින් ඔහුව මේ ජනාධිපතිවරණ තරගයට ඇද දැමීම ඉක්මන් වැඩි ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

සජිත් ප්‍රේමදාස යනු දේශපාලනිකව එතරම් තැළී පොඩිවුණු පුද්ගලයකු නොවනවා මෙන්ම ඔහු මෙතෙක් කලක්ම සිය හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සුබසාධන කටයුතුවල යෙදී සිටියා විනා ජාතික තලයේ දේශපාලනයක් නොකළ බවත් සේනාරත්න මහතා සිහිපත් කළේය. 

ඒ අනුව සජිත් ජාතික මට්ටමේ දේශපාලනයකට පැමිණි පළමු අවස්ථාව මෙය බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. 

එසේම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ කකුලෙන් අදින ආකාරයෙන් ක්‍රියා කළේය යනුවෙන් සජිත් පාර්ශ්වය නඟන චෝදනාවට පිළිතුරු දෙමින් සේනාරත්න මහතා පැවසුවේ "බොරු කතා කරන්න දෙයක් නෑ, රනිල් වික්‍රමසිංහ මහත්මයා ආත්මීය වශයෙන් මේ ව්‍යාපාරයට ආවා. ඔහු ඔහුගේ අගමැතිකම වෙනුවෙන් හෝ ඉතාමත්ම වුවමනාවෙන් වැඩ කළා" යනුවෙනි. 

රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙහි රැඳී සිටි කාලය වැඩි වුවත් ඔහුගෙන් පසු නායකත්වය භාරගැනීමට තරම් පිරිසක් තවමත් පක්ෂය තුළ ඉස්මතුවී නොමැති බව පැවසූ ඒ මහතා සජිත්ට මේ සියල්ල එකවර කිරීමේ හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය. 

ජනාධිපතිවරණ පරාජයට හේතු දක්වමින් "මේකෙ ආණ්ඩු පක්ෂයම ගැහුවා ආණ්ඩු පක්ෂයට විරුද්ධව. ආණ්ඩුවේ ප්‍රධානියාත් (ජනාධිපති) ගැහුවා, ඒක තමා පළවෙනිම අපි කරගත්ත වැරැද්ද. දූෂණ හොයන්න පත් කරපු ආයතන දූෂිත තත්වයට පත් වුණා. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අය මේ ලැබුණු අවස්ථාවෙන් ඇමතිවරු වුණාට කිසිම කැපකිරීමක් කරලා නෙවෙයි ආවෙ. ඒ කට්ටියත් එක්ක ඔවුනුත් ගනුදෙනු කරන්න පටන් ගත්තා. මේක තුළ මිනිස්සු දැඩි කළකිරීමකට පත්වුණා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ එම තනතුර හුදෙක් ජනප්‍රියතාවය මත නොව ප්‍රබුද්ධත්වය මත ලබාදිය යුතු තනතුරක් බවයි. විපක්ෂ නායකත්වය දරණ තැනැත්තා මුළු ජාත්‍යන්තරයත් සමඟ එකට හිඳගෙන ගනුදෙනු කළ හැකි අයෙකු විය යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ. 

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements