Featured News

Video Gossip

Advertisement

ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්දයෙන් කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍යය නිවේදනයයි.

මෙම මස 16 වන දින පැවති ජනාධිපතිවරණය ජයගෙන නව ජනාධිපතිතුමන් දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු විපක්ෂනායකතුමන් ඇතුළු සෙසු පක්ෂ නායකයන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද ගරු කථානායකතුමන් සමඟ සාකච්ඡා කළහ.
බොහෝ දෙනාගේ මතය වූයේ රටේ පාලනය පිළිබඳව පැහැදිළි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් එයට අනුව කටයුතු කළ යුතු බවයි. ඒ අනුව පහත සඳහන් විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිට අවධානය යොමුව තිබේ.
ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි 2020 මාර්තු මස 01 දින පාර්ලිමේන්තුව විසිරුවාහැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවකාශය සැළසීම
මන්ත්‍රීවරු විසින් ස්වෙච්ඡාවෙන් 3/2 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවාහැර වහාම මහ මැතිවරණයකට යොමු වීම.
අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනාධිපතිතුමන්ට මහ මැතිවරණයකට එළැඹෙන තුරු භාරකාර කැබිනට්මණ්ඩලයක් පත් කිරීමට ඉඩ අවකාශ සැළසීම.

සාකච්ඡාවන්හිදී අවධානය යොමු කරන ලද ඉහත ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සතිය තුළ පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.

ඉහත කරුණු පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමන් සහ ගරු විපක්ෂනායකතුමන් ස්වකීය පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර ගරු කථානායකතුමන් දැණුවත් කළ වහාම අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ගරු කථානායකතුමන් විසින් කැඳවනු ඇත.

– කථානායක මාධ්‍ය අංශය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements