ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරිමේ වාරියපොළ ජන රැලිය පැවැත්වීම වැලැක්වීම සඳහා පොහොට්ටු පක්ෂයට බලය හිමි වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.බී. දිසානායක මහතා සිදු කළ සියළු කූඨ උපක්‍රම ව්‍යාර්ත කරමින් එම රැලිය පැවැත්වීමට අදාළ භූමිය ලබාදෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මගින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ තීරණය පරිදි වාරියපොළ පොලිසියටත් වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටත් ලිඛිතව දැනුම්දී ඇත.
ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැලිය සඳහා එම භූමිය ලබා ගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම මත පිහිටා වාරියපොළ ප්‍රාදේශීය සභාවෙන් සහ පොලිසියෙන් අදාළ අවසරයන් ලබාගෙන ඒ සඳහා ගෙවිය යුතු මුදල්ද ප්‍රාදේශීය සභාවට ගෙවා තිබූ පසුබිමක හදිසියේම රැලියට දින දෙකක් පමණ තිබියදී පොහොට්ටු සභාපතිවරයාගේ නියෝග පරිදි එම භූමිය ලබා දීමට නොහැකි බව දන්වා තිබේ.
ඒ අනුව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වූ මැනික් ගුණසේකර මහත්මිය විසින් මැතිවරණ කොමිසම වෙත මෙම අසාධාරණ ක්‍රියාව සම්බන්ධයෙන් පැමිණිලිකර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වී තිබෙන මැතිවරණ කොමිසම වහාම වාරියපොළ බස්නැවතුම්පොළ අසළ භූමිය ජාතික ජන බලවේගයේ රැලිය සඳහා ලබා දෙන ලෙස ලිඛිතව දැනුම් දී තිබේ.
තමන්ට බලය නිසි ලෙස නොලැබෙන පසුබිමක පොහොට්ටු පක්ෂයේ හැසිරීම මෙසේනම් ඔවුන්ට රාජ්‍ය බලය ලැබුණු කලක කෙසේ නම් හැසිරෙනු ඇද්ද?



