Featured News

Video Gossip

Advertisement

නව හමුදා මූලස්ථානය ඉදි කිරීමට යෝජනා වන්නේ එතෙක් පැවති යුධ හමුදා මූලස්ථානය හා එහි ඉඩම චීන සමාගමගමකට සින්නක්කර විකුණා අවසන් වීමත් සම`ගිනි. ඒ ගෝල්ෆේස් ඉඩමයි. දැනට ශැංග‍්‍රිලා හෝටලය ඉදිකර ඇති එම ඉඩම එම සමාගමට සින්නක්කට ඔප්පුවක් මගින් පවරා දෙනු ලැබුවේ මේ රටේ බිං අගලක් විදේශිකයන්ට දෙන්නේ නැතැයි පපුවට ගසා ගන්නා මහින්ද රාජපක්ෂ යුගයේදීය. හෙක්ටයාර 2.4361ක එම ඉඩම රුපියල් මිලියන 8250කට චීන සමාගමට පවරන්නේ කොළඹ නගරයේ හදවතෙහි පර්චසයක් රුපියල් ලක්ෂ 85කට ලන්සු කරමිනි.
බිලියන 8. 2ක් ගෙන මහා පරිමාණයේ යුධ හමුදා මූලස්ථානයක් ඉදි කරන්නට එවකට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කරනු ලැබුවේය. ඊට පෙර අදාළ ගනුදෙනුවෙන් ලැබුණු රුපියල් බිලයන 5 ක මුදලින් තංගල්ල බේ හෝටලය මිලදී ගත්තේද ඔය කියනා දේශපේ‍්‍රමීන් බව දන්නො දනිති.
එතනින්ද නොනැවතී නව යුධ හමුදා මූලස්ථානය ඉදිකිරීම වෙනුවෙන් තමන්ගේ ඥාතියකුට එහි සැළසුම් ඇඬීමේ අවස්ථාව ලබා දී ඔහුට බිලියන 6ක මුදලක් ගෙවා ඇති බවද එම බිලියන 6 මුදලින් මල්වාන ප‍්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන එහි නිවසක් ඉදි කළේද මේ රාජපක්ෂලාය.


අද විවෘත වන්නේ යුධ හමුදා මූලස්ථානයේ පළමු අදියර පමණි. මෙතෙක් ඒ ස`දහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 64කි. ඊට අමතරව ශැංග‍්‍රිලා ඉඩම විකිණු දා සිට තවමත් මසකට රුපියල් ලක්ෂ 400ක මුදලක් කාර්යාල කුලී ගෙවීම ස`දහා රජයෙන් වියදම් කරනු ලබයි. 2011 සිට අද වන තුරු මසකට රුපියල් ලක්ෂ 400 බැගින් කොපමණ කාලයක්, කොපමණ මුදලක් විනාශ කර ඇත්දැයි ගණන් බලා ගත හැකිය.


ඒ අනුව ගත් විට යුධ හමුදා මූලස්ථානයේ පළමු අදියර නිම කරන්නට දැනට රුපිල් බිලියන 100කට ආසන්න මුදලක් වැය වී ඇත.


ලෝකයට ණය නොවී මෙතරම් මුදලක් මේ ආකාරයේ ඉදිකිරීමක් ස`දහා යොදා ගන්නට තරම් ශ‍්‍රී ලංකාව පොහොසත් නම් අප ආසියාවේ නොව ලෝකයේම පොහොසත් රටවලින් එකක් වනු ඇත.මෙය ආයෝජනයක් නොවේ. මින් මූල්‍යමය ලාභයක් කිසි දිනෙක නොලැබෙනු ඇත. එහෙයින් මෙය වියදමක්ම පමණකි.


ව්‍යාපෘතියක් ආරම්භ කළ හොත් එය කුමන රජයක් පැමිණියද අවසන් කළ යුතුය. නමුත් මේ ව්‍යාපෘති ආරම්භයෙන් තමන්ට ලැබෙන කොමිස් මුදල ගැන ඒ ව්‍යාපෘති රටට අවශ්‍යද, ඒවා රටට කෙතරම් හිතකරද යන්න පිළිබ`ද සිතුවේ නම් මේ ඉදිකිරීම් රටට මෙතම් බරක් වන්නේ නැත. අටුව කඩා පුටුව හැදු එකා ආයෙත් පුටුවක් තියා බංකුවක්වත් හදන්නට බැරි කොට ඇත්ොත් එහෙමය.


එහෙම සැළසුමක් නැති ජනතා මුදල් කාබාසිනියා කරන සංදර්ශනකාමියෙකුට රට දුන්නහොත් අපිට වෙන්නේ ලස්සන බල බලා ඇස් දෙක පියා ගන්නට පමණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements