Advertisement

ලංකාවේ ජනාදිපති වරණයට ඉදිරිපත්වන ප්‍රදාන අපේක්ෂකයන් දෙදෙනා ගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ශය දෙන්න ජනපති මෛත්‍රීපාල මහතා ඉදිරිපත්වෙයිද….? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමේ මැතිවරණ වේදිකාවලට ගොඩවීමේ සූදානමක් ඇති බවට වාර්තා වේ. මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පොදුජන පෙරමුණේ නායකයන් සමග සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජපාන සංචාරය නිමවා ඊයේ දිවයිනට පැමිණියේය. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන මැතිවරණ රැලි සඳහා සිරිසේන මහතා එක්වීමට අදහස් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 
එහෙත්, මේ සම්බන්ධව පොදුජන පෙරමුණට සම්බන්ධ වී සිටින පක්ෂ නායකයන් හා ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් එතරම් කැමැත්තක් නොදක්වා අති අතර ඔවුන් දැඩි දෙගිඩියාවකින් පසුවන බවටද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු හා රැස්වීම් කටයුතු සාර්ථකව සිදුකෙරෙන නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෝඨාභය මහතා ගේ වේදිකාවට අවශ්‍ය නොවන බවට පොදුජන පෙරමුණට සම්බන්ධ නායකයෝ විශ්වාසය පළ කරති. එමෙන්ම පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාව විසින් හූ හඬ නංවා විරෝධය පළ කිරීම නිසා යම් අයුරකින් ජනාධිපතිවරයාටත් විරෝධය පෑමක් සිදුවුවහොත් ශ්‍රීලනිපයේත් පොහොට්ටුවේත් පිරිස් අපහසුතාවට ලක්විය හැකි බවටද පොදුජන පෙරමුණට සම්බන්ධ නායකයෝ විශ්වාසය පළ කරති. මේ නිසා ජනාධිපතිවරයා පෙර සඳහන් කළ පරිදි පොදුජන පෙරමුණේ රැස්වීම් වලට සහභාගී නොවීම වඩාත් සුදුසු බවටද ඔවුහු සඳහන් කරති. කෙසේ වෙතත්, මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රධානීන්ට දැනුම් දී තිබුණේ තමන් පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ නොවන බවයි. ඒ අනුව යමින් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ දක්වා පැවැති පොදුජන පෙරමුණේ මැතිවරණ වේදිකාවලට ගොඩ නොවීමට වගබලා ගත්තේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements