මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තැබීම වැළැක්වීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වහා මැදිහත් විය යුතු බව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශය අද (05) දිනයේ අත්සන් තැබීමට කටයුතු කරමින් සිටින බව විශ්වාසදායි තොරතුරු ලැබී ඇති බවයි.
එවැනි ගිවිසුමකට අත්සන් තැබීමට මුදල් අමාත්‍යාංශයට නීතිමය බලයක් නොමැති බව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
එම ගිවිසුමට අත්සන් තැබීමට කටයුතු කළහොත් නිදහස් ස්වෛරී රාජ්‍යයක් ලෙස ශී‍්‍ර ලංකාවට බරපතල ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

