Advertisement

තමන්ට සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් එතරම් දැනුමක් නොමැති බවත්, තමන් ඒ ගැන දැනගත්තේ වයස අවුරුදු 09 දී පමණ බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවති කාන්තා බල මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමන්.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.
‘‘ඇත්තෙන්ම තියනවනම් මටනම් ඔය සනීපාරක්ෂක තුවා ගැන වැඩි දැනුමක් ඇත්තෙම නෑ. හැබැයි මට ඔය සනීපාරක්ෂක තුවා ගැන දැනගන්න ලැබුනෙ අවුරුදු 09 ක් විතර කාලෙ. එක පාරටම මමත් එක්ක හොඳට සෙල්ලම් කර කර හිටපු අපේ අක්කා අතුරුදහන් වුනා. අතුරුදහන් වෙලා කාමරේකට දාලා ලොක් කරලා.

ඉතිං මම අම්මගෙන් ඇහුවම අක්කට මොනවද වුනේ කියලා, එතකොට කිවුවා අක්කට උන හැදිලා ලඟට යන්න බෑ. දවස් 07 ක් ද කොහෙද ඇතුලෙ ඉන්න ඕනෙ කිවුවා. එතකොට හම්බවෙන්න පුළුවන් කිවුවා. අන්තිමට දවස් 07 ක් ගියාම අක්කව එලියට ගෙනල්ලා හොඳ පාටියකුත් දීලා ගොඩක් තෑගිත් හම්බ වුනා.

මමත් දැන් හිතන් හිටයා මටත් ඊළඟට උනක් හෙම්බිරිසාවක් හැදුනම ඔය වගේ සැළකිලි ලැබෙයි කියලා. මම අම්මගෙන් ඇහුවා මටත් උන හෙම්බිරිසාව හැදුනම මටත් පාටියක් දෙනවද කියලා. එතකොට අම්මා කිවුවා නෑ, ඔයාගෙ උන එච්චර තදට හැදිලා නෑ කියලා.

මේක ඇත්තම කතාවක්.‘‘

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements