Advertisement

අද අළුයම, මාධ්‍යවේදී ලසන්ත විජයරත්න මහතාට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරන විරෝධතාවයක් කොටුව දුම්රියපොල ඉදිරිපිට අද සවස පැවැත්විණි. මෙය සංවිධානය කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයයි.

යටපත්ව තිබූ මාධ්‍ය හිංසනය නැවත හිස ඔසවමින් තිබෙන බවත්, වියරු යුගයක් කරා නැවතත් රට ගමන් කරමින් තිබෙන බවත් විරෝධතාවය සඳහා සහභාගි වූ පුද්ගලයන් විසින් අවධාරණය කෙරිණි. එවැනි තත්වයකට රට පත්වීම වැලැක්වීම සඳහා ඉදිරිපත් වන්නැයි ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
මෙම විරෝධතාවය සඳහා මාධය සංවිධාන, දේශපාලන පක්ෂ, පුරවැසි සංවිධාන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements