Featured News

Video Gossip

Advertisement

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයින්ගේ නාම ලේඛණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බවට අසත්‍ය සහ මඩ ප්‍රචාරයක් සිදුවෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරනවා.

එහි දැක්වෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ බවට අමෙරිකානු රජය නිකුත් කළ සහතිකයයි.
එහිදී නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි දින කිහිපයේදී ජනතාව මුලා කිරීමට එක්සත් ජාතික පක්ෂයට දැන් තවත් බොරුවක් සොයා ගැනීමට සිදුවනු ඇති බවයි. 

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයින්ගේ නාම ලේඛණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ට්විටර් සටහනක් තබමින් කරුණු දක්වා තිබූ අතර එහි දැක්වුණේ ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු වන බවයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වුවහොත්, ඔහුට එම ධූරය දැරීමට නොහැකි වන බවයි හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය මගින් දක්වා ඇත්තේ. 

කෙසේවෙතත් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු විසින් සිය ට්විටර් පණිවිඩය හරහා පළ කර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රයේ මුල් පිටුව පමණයි. 

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කරමින් අමෙරිකානු රජය තැබූ මුද්‍රව ඇතුළත් පිටුව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සිය ට්විටර් සටහනට එක්කර නැහැ.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කළ බව දැක්වෙන එම පිටුව ඇතුළු එහි සියලු තොරතුරු පහතින් දැක්වේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements