Advertisement

අන්තර්වාර රජයේ නව කැබිනට් මණ්ඩලය පත් කරමින් ‌ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුනට ‌කොන්දේසි කිහිපයක් පැනවීමටද කටයුතු කළේය.

ඉන් පළමුවැන්න වන්නේ තමන් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීම ‌වෙනුවෙන් සියලුම අමාත්‍යවරුන් කටයුතු කළ යුතු බවය.

දෙවැන්න වන්නේ අමාත්‍යවරුන් යටතේ ඇති පාඩු ලබන රාජ්‍ය ආයතන, සංස්ථා, මණ්ඩල ආදිය ලාබ ලබන ආයතන බවට පත්කළ යුතුු බවත්, ඒ ‌වෙනුවෙන් දක්ෂ, නිපුණතාවකින් යුත් සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කළ යුතු බවත්ය. ඒ ‌වෙනුවෙන් ජනාධිපති ‌ලේකම් කාර්යාලයේ ‌තේරීම් මණ්ඩලයක් පිහිටුවා ඇති බව කී ජනාධිපතිවරයා පත් කරන සභාපතිවරුන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ නම් ඊට එවා සම්මත කර ගත යුතු බවද කියා සිටියේය.

එමෙන්ම ආයතනවල ඇති නිපුණතාවයෙන් ‌තොර ඇබෑර්තු පිරවීමේදී තමතමන්ගේ ආසනවලින් ‌නොපුරවා සියලුම මැතිඇමැතිවරුන්ට ‌බදී යා යුතු අයුරින් රැකියා ලබා දිය යුතු බවත්, එසේ පවතින පුරප්පාඩු පිළිබද ජනාධිපති කාර්යාලයට දැනුම් ‌දෙන ‌ලෙසත් ජනාධිපතිවරයා නව ඇමැතිවරුන්ට අවධාරණය කර සිටියේය.

මීට අමතරව රජයේ කිසිඳු මැති ඇමතිවරයකුට පරිවාර වාහන හෝ අතිරේක ආරක්ෂකයින් සැපයීම වහාම නවත්වන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල බලධාරීන්ට දැනුම් දී ඇති බව පැවසේ.

එසේම, මින් ඉදිරියට කිසිඳු ඇමතිවරයකුට විදෙස් නිල සංචාරයන්හිදී සිය බිරිඳ හෝ පවුලේ සාමාජිකයින් සහභාගි කරවා ගැනීම තහනම් කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements