Advertisement

අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් අද (20) පස්වරුවේ අගමැතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්විමක්ද පැවැත්විමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා භාරකාර ආණ්ඩුවක් පත් කිරිමට නියමිතව තිබෙනවා.

එම භාරකාර ආණ්ඩුවේ අගමැතිධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ගේ නම යෝජනාවි ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කලේ.

15 දෙනෙකු ගෙන් සමන්විත වන මෙම භාරකාර ආණ්ඩුව සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු ද ඇතුලත් විමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදි මහනුවර ප්‍රදේශයේ සංචාරයක නියැලෙන බැවින් නව භාරකාර ආණ්ඩුව හෙට (21) දිනයේදි පත් කෙරෙනු ඇති බවයි එම ආරංචි මාර්ග සදහන් කලේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements