Advertisement

තමන් ආර්ථික ඝාතකයකු යැයි කලකට ඉහතදී චෝදනා කළේ වත්මන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාවම පමණක් ඉලක්ක කරගනිමින් නොවන බවත් එසේම වර්තමානයේ සිටින්නේ එදා සිටි පී. බී. ජයසුන්දර මහතාම නොවන බවත් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

එමෙන්ම පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් තනතුර භාරගැනීමට තරමක් අදිමදි කළ අවස්ථාවේදී තමන් ද දුරකථනයෙන් අමතා ඔහුව දිරිමත් කළ බවයි වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. 

අමාත්‍යවරයා මේ බව පවසා තිබුණේ ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. 

"ප්‍රශ්නය - ඔබ 'ආර්ථික ඝාතකයා' කියලා කියපු පී.බී. ජයසුන්දර තමයි අලුත් ජනාධිපති ලේකම්. මේ පත්කිරීම ඔබේ කණට ගැහුවා වගේ දැනෙන්නෙ නැද්ද ? 

විමල් - නෑ, ඒ තීරණය මමත් දැනුවත්ව ගත්තු තීරණයක්. එතුමා ඔය තනතුර භාරගන්න ටිකක් අදිමදි කළා. මමත් දුරකථනයෙන් කතා කරලා ඒ තනතුර බාරගන්න කියලා එතුමා දිරිමත් කළා. 

ප්‍රශ්නය - ඒ තරම් උනන්දුවක් ? 

විමල් - ඒකට හේතුව තමයි එවකට මම ඒ විවේචනය එතුමාගේ නමින් කළාට ඒ විවේචනය එතුමාට පමණක් කරපු විවේචනයක් නෙවෙයි. ඒ විවේචනය කරන්න වුණේ එතුමාගෙ නමින්. අනිත් අතට එතුමාගේ ඒ වෙලාවේ භාවිතාවට අනුව ඒ විවේචනය මට අනුව නිවැරදි වුණත් පසුව අපි විපක්ෂයේ ඉන්නකොට එතුමා කටයුතු කරපු ආකාරය එක්ක බැලුවාම ජනාධිපති ලේකම් ධුරයේ වැඩ බාරගැනීම ගැන මගේ විරුද්ධත්වයක් කොහොමටවත් නෑ. අතීතයේ ජීවත් වූ පී.බී. ජයසුන්දර නෙවෙයි වර්තමානයේ ඉන්නේ. 

ප්‍රශ්නය - ඔය ප්‍රකාශය ඇට නැති දිවෙන් කළා කියලත් කියන්න පුළුවන් ?


විමල් - ඔව් ඒක ඔබට කැමති විදියකට වර්ණ ගන්වන්න පුළුවන්. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම කියන්නේ ඇත්ත"

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements