Featured News

Video Gossip

Advertisement

දරුවන් නොමැති පවුල් සඳහා නවීන තාක්ෂණික ක්‍රම අනුව නල දරුවන් ලබා ගැනීමේ තාක්ෂණය රජයේ රෝහල් වලට ලබා දීමට පියවර ගන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) හලාවත පැවැති ජනහමුවකට එක්වෙමින්.
එහිදී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ස්භාවික හෝ විවිධ පාරිසරික තත්ත්වයන් හේතුවෙන සමාජයේ දරුපල නොමැති පවුල් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවත්, ඇති හැකි අය විදේශ රටවලට ගොස් හෝ නල තාක්ෂණය ඔස්සේ තමන්ගේම දරුවෙක් හිමිකර ගන්නා නමුත් නැතිබැරි බොහෝ පිරිස් දරුවන් නොමැතිව ලතැවෙන බවයි.

ඒ අනුව නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ තමන්ගේම දරුවකුගේ සුරතල් බැලීමේ හැකියාව තිබියදිත් නැතිබැරිකම හේතුවෙන් දරු සුරතල් බැලීමේ හැකියාව අහිමිව පීඩා විදින්නේ නම් රජයක් වශයෙන් ඔවුන් වෙනුවෙන් පහසුකම් සැපයිය යුතුව ඇති බවද පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නව රජයක් බලයට පත්වීමෙන් පසුව නල දරු උපත් තාක්ෂණය රජයේ රෝහල්වලට හදුන්වාදී, රෝහල් කාර්ය මණ්ඩල දැනුම්වත් කිරීම්ද සිදුකරන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements