Advertisement

විවිධ රෝගයන් සදහා භාවිත කෙරෙන අත්‍යවශ්‍ය ඖෂධ වල ඖෂධ නාමයන් 55 ක මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය ඊ‌යේ පෙරවරුවේ නිකුත් කෙරිණ. 

මෙම ඖෂධ නාමයන් වල මිල අඩු කිරීමත් සමග මෙරට වෙළෙදපොලෙහි පවතින ඖෂධ වෙළෙද නාමයන් දහසකට අධික සංඛ්‍යාවක මිල අඩු වීමට නියමිතයි. මීට අමතරව දැනට අත්‍යවශ්‍ය තත්වයේ පවතින වෛද්‍ය උපකරණ 7කද මිල අඩු කර ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 අංක 5 දරණ විධිවිධානයන්ට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම මිල අඩු කිරීම් සියල්ල සිදු කර ඇත. ඒ අනුව අදාළ ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ සියල්ලෙහි උපරිම සිල්ලර මිල සංශෝධිත නව මිල දර්ශනයට අනුකූල විය යුතු අතර කිසිදු අයුරකින් මෙම නව මිල ගණන් වල ඉහල දැමීමක් සිදු නොකළ යුතුය. ආනයනයකරු හෝ නිෂ්පාදකයා විසින් අදාළ ඖෂධයේ හෝ උපකරණයෙහි මිල එහි මුද්‍රණය කිරීමද අනිවාර්යයෙන් සිදු කළ යුතුය.

ගැසට් නිවේදනය මගින් මිල අඩු කෙරුණු ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ ලැයිස්තුව පහතින්











gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements